Print this Article


ඔවුනට සුදුසු දහමක් දැන් දෙසනු වටී

ඔවුනට සුදුසු දහමක් දැන් දෙසනු වටී

විමසිලි නෙතින් මිනිසා දෙස බැලුව විට
දැඩි සංවේගයක් උපදී පපුව යට
තණ්හා කුහකගති මානය දියුණු කොට
මිනිසා දරුණු විය ගුණදම් බැහැර කොට

හොර මැරකම අයුක්තිය ඇයි පෙරට පැන
යුක්තිය සාධාරණය කොතැනද කියනු මැන
සංවේගය මගේ හදවත වැළඳ ගෙන
දෙයි වේදනා මිනිසත් ගති හැඳින දැන

සමිඳුනි ඔබේ පාමුල මම දණින් වැටී
පවසමි දනන් පෙළෙනා හැටි ලොබින් බැඳී
ලක්දිව වඩින්නට කාලය පැමිණ ඇතී
ඔවුනට සුදුසු දහමක් දැන් දෙසනු වටී