අනුවණකමේ අවසානය

අප පන්සලේ වැඩ සිටි බොී සමිඳුන්ට
නිති ගරු කළේ ආසිරි වැසි ලැබගන්ට
එනමුදු අපේ හික්මුනෙ නැති ගිහියන්ට
බැරිවුණි සමිඳුන්ට නිසි ලෙස පුද දෙන්ට
තෙල් මල් පහන් ගෙන වැඳගෙන සතරවට
පැන් කෙන්ඩියෙන් පැන් වත්කළෙ තරගයට
එනමුදු එහි තිබුණ කැප නැති දියරයට
මැලවිනි බෝ සමිඳු අපගේ කරුමයට
වැඩි සර්ධාව පෙන්වා අනුවණකමට
සුවඳැති දුම් ද විෂ දියර ද ගෙන අතට
බෝ සමිඳුගේ පා සේදුවෙ ඇයි කුමට
දැන්වත් තේරෙයිද මන්දා මේ අයට
පවසමි යමක් මෙය කියවන ඔබ සැමට
නිසි ලෙස පැන් පුදනු සැම බෝ සමිඳුන්ට
හැකි වෙයි එවිට පතනා දෙය ලැබ ගන්ට
අප සැම පින් පුදමු අපෙ බෝ සමිඳුන්ට
දයානන්ද පොන්නම්පෙරුම |