Print this Article


මාලිගාවිල බිනර පෙරහර

මාලිගාවිල බිනර පෙරහර

ඔක්කම්පිටිය ඓතිහාසික මාලිගාවිල රාජමහා විහාරයේ වාර්ෂික බිනර පෙරහර සැප්තැම්බර් 01, 02 සහ 03 යන දිනයන්හි දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

විහාරාධිපති මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක උනපානේ චන්ද්‍රජෝති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව විසින් පෙරහර සංවිධාන කර තිබිණි.

උඩරට,පහතරට සහ සබරගමු නැටුම් කණ්ඩායම් සහිතව අලි ඇතුන්ගෙන් සමන්විත පෙරහර නැරඹීම සඳහා අති විශාල පිරිසක් පැමිණ සිටියහ.