Print this Article


චෛත්‍ය රාජයාණන් වහන්සේට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කෙරේ

චෛත්‍ය රාජයාණන් වහන්සේට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කෙරේ

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 159 වැනි ජන්ම දිනය සහ දම්පල් පදනමේ 53 වැනි සංවත්සරයට සමගාමීව මැද මහනුවර මහදොරලියද්ද ශ්‍රී ධර්මවර්ධනාරාම පුණ්‍ය භූමියේ ඉදිකිරීමට යෝජිත චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය මෙම මස 17 වැනි දින පෙරවරුවේ එම විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මීට සමගාමීව දම්පල් පදනමේ නිර්මාතෘ දේශමාන්‍ය ජයන්ත සුමනසේකර මහතාගේ ශාසනික යුග මෙහෙවරයන්ට උපහාර පිණිස ධර්මවර්ධනාරාම විහාරාධිපති කාව්‍ය ශිරෝමණී නත්තරම්පොත සිරිවිමල නාහිමි විසින් රචිත “ගුණ නැණ ඇති හෙළ විරු ජයන්ත සුමනසේකර” නම් වූ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම ද මෙදින සිදු කරනු ලබයි. මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ විහාරස්ථ දායක සභාව, චෛත්‍ය සංවර්ධන සමිතිය සහ දම්පල් පදනම මැදදුම්බර සංවිධානය මඟිනි.