Print this Article


අධිෂ්ඨාන පූජාවක් සහ සත්‍යක්‍රියාවක් කතරගම දී

අධිෂ්ඨාන පූජාවක් සහ සත්‍යක්‍රියාවක් කතරගම දී


 

මහජන එක්සත් පෙරමුණ වාර්ෂිකව සංවිධානය කරන අධිෂ්ඨාන පූජාව සහ සත්‍යක්‍රියාව 29 වෙනි වරටත් ඉකුත් (26) වෙනි දා කතරගම ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කොබවක ධම්මින්ද නායක හිමි බැහැදැක කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයට පැමිණ දේවාශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී සත්‍යක්‍රියාවට එක්විය.

සත්‍යයක් ක්‍රියාවෙන් පසුව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා ද හමුවූ අග්‍රාමාත්‍යවරයා සුහද පිලිසඳරක නිරතවිය.

මෙම අවස්ථාවට කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත කපුගම සරණතිස්ස නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.