Print this Article


මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව නිම වේ

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව නිම වේ

සම්ප්‍රදායානුකූල සන්දේශය දියවඩන නිලමේ අතින් ජනපතිට

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙස සැලකෙන මහනුවර ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැල කෙරෙන ඇසළ පෙරහර සන්දේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මහනුවර ජනාධිපති මන්දිරයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙත පසුගිය දා (31) පස්වරුවේ පිළිගන්වනු ලැබීය.