Print this Article


මාරයා සමඟ ගිවිසුමක් ...?

මාරයා සමඟ ගිවිසුමක් ...?

අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. අද අදමයි කුසල් වඩන්නට ඕනෑ, අද අදමයි වීර්යය කරන්නට ඕනෑ. කවුද දන්නේ හෙට මියයයි ද කියලා. අපි කිසිවෙක් මහා සේනා ඇති මාරයා සමඟ ගිවිසුම් ගහගෙන නැහැ.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා ධර්මයේ හැසිරෙන්න පමා වෙන්න එපා කියලා. අපේ මරණය හෙට වේවිද දන්නේ කවුද?

ඇතැම් කෙනෙක් නොසිතූ වෙලාවක මරණයට පත්වෙනවා. මරණය අප වෙත එන්නේ සැලසුම් කරලා නොවෙයි. ඔබේ මරණය ඔබට ලැබෙන්නේ නොසිතූ වෙලාවක. ආහාර ගනිමින් සිටියදී පිට උගුරේ ගිහින් ඔබ මිය යන්න පුළුවන්. පාරේ යන විට පය ලිස්සා යාමෙන් මරණය අප වෙත එන්න පුළුවන්. සර්පයකු දෂ්ඨ කිරීමෙන් මියයන්න පුළුවන්. අමනුස්සයෙක් අතින් මියයන්න පුළුවන්. වසක් විසක් කැවීමෙන්, සොරකුගෙන් පහර කෑමෙන් අප මියයන්න පුළුවන්.

කොයි ආකාරයකට, කොයි මොහොතේ මරණය සිදුවෙනවා ද අප කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළා මරණය ගැන සිහි කරන්න. වහ වහා කුසල් වඩන්න කියලා.