Print this Article


හරසර ලබති

හරසර ලබති

බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා විද්‍යාලයාධිපති මහාචාර්ය මැදගම නන්දවංශ හිමියන්ගේ අනුශාසනා මත ගරු සම්මාන නාම ප්‍රදානෝත්සවයක් පසුගියදා කිඹුලාපිටිය දමින්නගහවත්ත ශ්‍රී සූර්ය චෛසිකාරාමයේ දී පැවැත්විණි. මිනුවන්ගොඩ ප්‍රාදේශික සංඝ සභාවේ අභිවෘද්ධිය සලකා දීර්ඝකාලීන යුතුකම් ඉටුකරමින් වැඩවිසූ ගරුතර ස්වාමීන් වහන්සේ සිවු නමක්වූ බෝගම්මන සුගතවංශ හිමි, ශ්‍රී අරියවංශ වංශාලංකාර ශාසන සෝභන නමින් ද, කටුවැල්ලේගම චන්ද්‍රවංශ හිමි – ශ්‍රී චන්ද්‍රානන්ද වංශාවතංස ශාසනදීපන නමින් ද, පත්තඬුවන කල්‍යාණවංශ හිමි – ශ්‍රී සද්ධර්ම වාවස්පති විජයවංශ වංශාලංකාර ශාසනාභිමානි නමින් ද, උඩපුස්සැල්ලාවේ විජිත හිමි – ශ්‍රී ජිනානන්දානන්ද වංශාවතංස සරභඤ්ඤ විශාරද නමින් ද හරසර ලැබූහ. එම අවස්ථාවට සහභාගි වූ ගිහි පිරිසක් ඡායාරූපයේ වේ.