Print this Article


සංඝනායක පදවි ලබති

සංඝනායක පදවි ලබති

හෑගොඩ අස්සජි නාහිමියන්ගේ ලෝක ශාසනික මෙහෙවර අගයා මල්වතු මහා විහාර පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ ද්විතීය අධිකරණ සංඝනායක පදවිය හා සද්ධර්ම කීර්ති ශ්‍රී සුමංගල ඛේමානන්ද යන ගරු නාම සම්මුතිය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍රය පිරිනැමීම පසුගිය 18 දා මහනුවර දී සිදු විය. අභිනව නාහිමියන් පිළිගැනීමේ උත්සවය පසුගිය 20 දා ගාල්ල බූස්ස මහහෑගොඩ නිග්‍රෝධාරාම පුරාණ මහා විහාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. නව පදවි ප්‍රාප්ත හිමිපාණන් වහන්සේට ලෝ සසුන් වැඩ වඩන්නට සෙත් ප්‍රාර්ථනා කරමු.