Print this Article


සිරිලක සම්බුදු දහම සුරැකි පාණදුරාවාදයට වසර 150 සපිරේ

සිරිලක සම්බුදු දහම සුරැකි පාණදුරාවාදයට වසර 150 සපිරේ

බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට වසර දෙදහස් ගණනක බෞද්ධ උරුමය මුලිනුපුටා දැමීමට ඔවුහු දැඩි ප්‍රයත්නයක් දැරූහ. හෙළ බොදු සංස්කෘතිය විනාශ කර දැමීමේ අධිරාජ්‍යවාදී සැලසුම්වලට මුහුණදීමට බෞද්ධ ජනතාවට බෙහෙවින් අසීරු විය. එංගලන්ත මිෂනාරි සමාගම් මෙහිදී උපක්‍රමිකව ක්‍රියා කළහ. හෙළ සංස්කෘතිය දියාරු කිරීමට ඔවුන් යත්න දැරුව ද 1873 සිදු වූ ලෝ ප්‍රකට පානදුරාවාදය සමඟ වාදීභසිංහ පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රමුඛව නැඟුණු බෞද්ධ කාහල නාදය නිර්මල සම්බුදු දහම ආරක්ෂා කළ බලවේගය බවට පත් වුණි.

එම ඓතිහාසික සංසිද්ධියට වසර 150ක් සපිරෙන මේ මොහොතේ එම සමාජ පෙරළියේ නූතන භූමිකාව තේරුම් ගැනීම අතිශය වැදගත් වේ. එනම් බුදු දහමට එරෙහි ප්‍රතිරෝධී බල කේන්ද්‍ර විවිධාකාරයෙන් අදටත් ක්‍රියාත්මක වන බව වටහා ගැනීම ය. ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස අප සැවොම මේවා හඳුනාගෙන බුද්ධිමත්ව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය ය.