Print this Article


ලොව්තුරු සුවය

ලොව්තුරු සුවය

සුවඳැති කුසුමක් වී
ඔබ දින චරියාවේ
අකුසල් සිතිවිලි
මනසින් හළමැන
තිර අදිටන් වඩවා

බුදුහිමි ගිය මඟ පියවර තබනා
සදැහැති සව්වකු සේ

පුරුදු කරනු මැනවි
කුසල් හැඟුම් දහරා
නිරතුරු දිවා රැයේ
බැඳුණු සිතින් අල්වාගෙන කිසිවක්
ගෙන යන්නට බැරි වේ

මනසින් රැස් කළ පින්පව් පමණයි
අප පසුපස එන්නේ

කළ පින් සුවඳක් වී
මතුභවයෙත් විහිදේ
පින් සිතිවිලි මතු වී
ලොව්තුරු සුව ගෙන දේ

බුදු හිමි ගිය මඟ පියවර තබනෙමු
සදැහැති සව්වකු සේ