Print this Article


විරාගි උත්තමයන් දෙස බලා සැනසෙන්න

විරාගි උත්තමයන් දෙස බලා සැනසෙන්න

රාගය කියන්නේ බොහෝ වෙහෙසට පත්වෙන දෙයක්. රාගයෙන් සිටිද්දී කොතරම් පීඩා විඳිනවා ද? සිත්වල රාගයෙන් මිරිකෙද්දී අපි කරන්න ඕන දේ දන්නේ නෑ. කියන්න ඕන දේ දන්නේ නෑ. හිතන්න ඕන දේ දන්නෙත් නෑ. ඒ නිසා අපේ සිත් පිරිහෙනවා. ඔබ තනි වුණාට පස්සේ, හුදකලා වුණාට පස්සේ රාගයට ඔබ ව වෙහෙසට පත් කරන්න දෙන්න එපා. ඔබ ව පාලනය කරන්න රාගයට ඉඩ තියන්න එපා. තමන් හොඳ සිහියෙන්, හොඳ නුවණින් සිත දෙස බලාගෙන ඉන්න. රාගය කියන්නේ ලාමක දෙයක්. පහත් දෙයක්. ලාමක මිනිසුන් පුරුදු කරන දෙයක්. එනිසා රාගයට ආශා කරන්න එපා. විරාගී උතුමන් දෙස බලලා සැනසෙන්න. හිත නිවා ගන්න.