Print this Article


මහා කරුණා ගුණය

මහා කරුණා ගුණය

බුදුරජාණන් වහන්සේ මහා කරුණා ගුණ පූර්ණ උතුමන් වහන්සේ නමක්. අපි ළඟ කරුණාව තිබෙන්න පුළුවන්. ඒත් මහා කරුණාව බුදුරජාණන් වහන්සේ තුළයි තිබෙන්නේ. මව්පියන් තුළත් කරුණාව තිබෙනවා. ඒ කරුණාවේ ස්වභාවය තමයි සීමාසහිත ප්‍රදේශයක පැතිරී තිබීම. එහෙත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සීමාවක් නැතිව පොදුවේ හැම දෙනාට ම එක ම විදිහට බලපැවැත්වෙනවා. එය මහා කරුණාව ලෙස හඳුන්වනවා.