Print this Article


උපසම්පදා ලබති

උපසම්පදා ලබති


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සංඝ සභාවේ දිසාපාලක ධූරන්දර, තිඹිරිගොල්ලේ රේවත මාහිමියන්ගේ ශිෂ්‍ය ගලේවත්ත, ශාන්ති නිකේත මහපිරිවෙන්වාසී, කෙහෙල්ඇල්ලේ සෝරත සාමණේරයන් වහන්සේ හා අලුත්වත්තේ සුගතරතන සාමණේරයන් වහන්සේ පසුගියදා බණ්ඩාරපොල, සුදුගඟ උදකුක්කේප සීමා මාලකයේ දී උතුම් උපසම්පදාව ලබා ගත්හ.


වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාගොල්ලාගම දිගන්කෝන්වැව ශ්‍රී ජයසුමනාරාමාධිපති වයඹ වන්නි හිරියාල දෙහත්පත්තුවේ ප්‍රධාන සංඝනායක ලුණුවිල දීපසිරි නාහිමියන්ගේ ශිෂ්‍ය පොල්ගම්පල ධම්මකිත්ති සාමණේරයෝ පසුගියදා වැලිතර බලපිටිය මහා කප්පියවලව්ව මූලස්ථාන විහාරස්ථ ශ්‍රී ධීරානන්ද මහා මංගල සීමාමාලකයේදී අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ මහානායක අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහ නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාව වෙතින් උපසම්පදාව ලැබූහ.


ගාල්ල දඩල්ල මහමුදලින්දාරාමය, කොළඹ 15, මෝදර ශ්‍රී බෝධිසමුද්‍රාරාමය යන උභය විහාරාධිපති, කොළඹ 03, කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ති මූලික පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති, ශාස්ත්‍රපති තුඹේ උපනන්ද හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය කිරිඉබ්බන්ආරේ මෙත්තානුසාරි හිමි සහ රන්සෑගොඩ ධම්මානන්ද හිමි යන සාමණේර හිමිවරු දෙනම පසුගියදා බලපිටිය කප්පින වලව්ව ආසන්න මාදු ගඟ ස්වේජින් සීමා මාලකයේ දී අධිසීල සංඛ්‍යාත සුපරිශුද්ධ උපසම්පදාවේ පිහිටවනු ලැබූහ.


දෙහිවල කරගම්පිටිය ශ්‍රී සුධර්මාරාම ධර්මරාජ විහාරය, කව්ඩාන අනුසුබෝධාරාමය යන විහාරද්වයාධිපති දෙයියන්දර රාහුල හිමිගේ සහ අග්‍රහැර බුද්ධික හිමිගේ ශිෂ්‍ය මාවරලේ ධම්මජීව සාමණේරයන් පසුගියදා ශ්‍රී ලංකා අමරපුර කල්‍යාණවංස මහා නිකායික මහා සංඝ සභාව වෙතින් අධිසීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලැබීය.