Print this Article


නාම රූප

නාම රූප

“මෙම ග්‍රන්ථය ‘නාමරූප’ නම් ගැඹුරු පරමාර්ථ ධර්මය පිළිබඳ කාටත් තේරුම් ගත හැකි පරිදි සරලව විග්‍රහයක් සිදු කරයි. එහෙත් පාඨකයා මෙම ග්‍රන්ථය කියැවීමෙන් පමණක් නොනැවතී දිනෙක සියලු රාග, දෝස, මෝහ දුරුවන තුරු නාමරූප මොනවා දැයි පර්යේෂණ කළ යුතු ය.

මෙම ග්‍රන්ථයේ කතුවරිය කමලා හෙට්ටිගේ විශ්‍රාමික පළමුවන ශ්‍රේණියේ විදුහල්පතිතුමියකි. ඇය ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, පශ්චාත් උපාධි, අධ්‍යාපන ඩිප්ලෝමා සහ පශ්චාත් උපාධි අධ්‍යාපන කළමනාකරණ ඩිප්ලෝමා හිමි ලේඛිකාවකි.