සැදැහැ සිතින් සැනහී
මනු දිවි මල් උයනේ
පියකරු කුසුමක් වී
සුවඳ දසත පතුරා
අකුසල් සිතිවිලි මල
සිතින් මුදා හැර
බුදු මඟ යනු මැනවී
සැදැහි සිතින් සැනහී
නෙත රැඳී සොඳුරු දසුන්
ලොබින් තුරුලු කරලා
සතු කර ගත්ත ද
ගෙන යනු බැරි වේ
භවයෙන් භවයට
බුදු මඟ යනු මැනවී
සැදැහි සිතින් සැනහී
පියාසලන විහඟකු සේ
අත්හළ විට නොඇලී
සුරැකුම හා සැනසුම
එහි වේ සැමකල්
පරම සුවය වූ
නිවනට මඟ වේ
බුදු මඟ යනු මැනවී
සැදැහි සිතින් සැනහී
ආචාර්ය
රත්නපාල වික්රමසිංහ |