Print this Article


ප්‍රධාන සංඝනායක පදවියට පත් කදුරුදූවේ සුගතවංස නාහිමි

ප්‍රධාන සංඝනායක පදවියට පත් කදුරුදූවේ සුගතවංස නාහිමි

කුඩාගෝණදූව උත්තරචේතියාරාමාධිපති, දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙන්හි විශ්‍රාමලත් පරිවේණාධිපති, ත්‍රිපිටකාචාර්ය, ශාස්ත්‍රපති කදුරුදූවේ සුගතවංශ නාහිමියෝ මහාවිහාර වංශික මල්වතු පාර්ශ්වය වෙතින් ත්‍රිපිටක විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී සාරානන්ද යන ගෞරව නාමෝපලක්‍ෂිතව කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත් වූහ. කදුරුදූවේ සුගතවංස නාහිමිපාණන් වහන්සේ සංස්කෘත, පාලි සහ සිංහල භාෂා විෂයෙහි ප්‍රාමාණික විද්වතෙකි.