Print this Article


අසිරිමත් පොසොන් පෝදා

අසිරිමත් පොසොන් පෝදා

මෙත් කරුණාවෙන් සැම හදවත් පිබිදෙන්නේ
සිල් සුවඳින් දහම් ගුණෙන් සිත් සැනසෙන්නේ
උතුම් පොසොන් පෝ දින පුන් සඳ බබළන්නේ
මිහිඳු සමිඳු ලක්දිව වෙත වැඩම කරන්නේ

මිහින්තලා ගල මුදුනේ රැස් විහිදෙනවා
ධර්ම දූතයින් සමගින් සමිඳු වඩිනවා
දම් දෙසුමට නිසි කාලය බව වැටහෙනවා
පින්වත් කවුරු ද නුවණින් හිමි විමසනවා

මිහිඳු හිමි මේ ලෙසින් පැනයක් විමසන්නේ
තිස්ස නිරිදු ඒ පැනයට පිළිතුරු දෙන්නේ
නිරිඳු නැණවතෙකු බව හිමි වටහා ගන්නේ
දහම් අසා නිරිඳු යහ මඟ වෙත යන්නේ