Print this Article


පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

සීල සමාදානය, උදෑසන බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී ඇටම්පිටියේ හේමවංශ හිමි විසිනි. මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, ශාස්ත්‍රවේදී දොඹවෙල අමිත හිමි, අධ්‍යාපනපති කැලණියේ ශාසනවංශ හිමි, ඇතිමලේ සීලානන්ද හිමි, ශාස්ත්‍රවේදී කොබ්බෑවල මේධංකර හිමි, නීලම්මහර චතුරශාන්ත හිමි, ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි පෝදා වැඩසටහන් සඳහා සහභාගි වෙති.

****

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරය

සදහම් වන්දනාව හා සම්බුද්ධ පූජාව ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ, වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ විසිනි. ශාස්ත්‍රපති පණ්ඩිත නුගගොල්ලේ සෝමරතන හිමි පෝදා වැඩසටහන් සඳහා සහභාගි වෙති.

****

කෝට්ටේ ධර්මාශ්‍රම විහාරස්ථානය

සිල් සමාදන් කිරීම, කාව්‍යමය ධර්ම දේශනය කඩිහිංගල ධම්මරක්ඛිත හිමියන් විසිනි. බිබිලේ සෝභිත හිමි, මීගහතැන්නේ චන්දසිරි නාහිමි පෝදා ධර්ම දේශනා පවත්වති.

****

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම (තරුණසීල සමාදානය)

සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව පණ්ඩිත බිබිලේ ඤාණසන්ත හිමි විසිනි. කොත්මලේ ඤාණවංස හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත දළුගම සමිතඤාණ හිමි, ගල්කිස්සේ සෝමානන්ද හිමි, අකුරැස්සේ ධම්මරතන හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත කන්දේගෙදර සෝභිත හිමි, ශාස්ත්‍රපති ඉඳුරුහේනේ ධම්මදේව හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, දියතලාවේ පියදස්සි හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි නා හිමි පෝදා වැඩසටහන් සඳහා සහභාගි වෙති. ආචාර්ය අනූෂා ගෝකුල මහත්මිය ද පෝදා වැඩසටහන් සඳහා සහභාගි වේ.

****

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම (වැඩිහිටි සීල සමාදානය)

සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව , මලංගම පඤ්ඤාසාර හිමි විසිනි. රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නාහිමි, සිරි වජිරඤාණ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත මීගොඩ සුඛිත හිමි, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුර පසන්න හිමි, සෙල්ලකතරගම සන්තින්ද හිමි, සියඹලාපිටියේ මිහිදුවංශ හිමි, දියසෙන්පුර විමලසීහ හිමි, කන්තලේ කෝලිත තිස්ස හිමි,ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය තල්පාවිල කුසලඤාණ හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත උඳුගොඩ සිද්ධත්ත හිමි, කොබෙයිගනේ ධම්මදස්සි හිමි, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය වේරදූවේ මහින්ද හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත බිබිලේ ඥානසාන්ත හිමි, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නාහිමි පෝදා වැඩසටහන් සඳහා සහභාගි වෙති.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

තෙරුවන් වන්දනාව සහ උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් විසිනි. කැලණියේ අජිත හිමි, සෝමපුර සිරිසුධම්ම හිමි, මීගොඩ සුඛිත හිමි පෝදා වැඩසටහන් සඳහා සහභාගි වෙති.

****

තලවතුගොඩ සංඝමිත්තාරාමය

සීල සමාදානය සහ සම්බුද්ධ පූජාව, හිඟුරේ ප්‍රඥාශේඛර හිමියන් විසිනි. වල්පොල සුමන හිමි, කොට්ටාවේ සුධීරා සිල් මාතාව, දොඩම්පහල රාහුල හිමි පෝදා ධර්ම දේශනා පවත්වති.