Print this Article


මාකුරේ මංගල නා හිමියෝ අධිකරණ සංඝනායක පදවි ලබති

මාකුරේ මංගල නා හිමියෝ අධිකරණ සංඝනායක පදවි ලබති

ඊස්ට්, ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති ධූරය දරමින් සිදුකරන්නා වූ ආගමික ශාසනික සංස්කෘතික සමාජීය හා සමාජ සේවා මෙහෙවර උදෙසා මාකුරේ මංගල නාහිමියන්ට එක්සත් රාජධානියේ අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීමට සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභාව තීරණය කර තිබේ.

උන්වහන්සේ ඊස්ට් ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති ධුරය දරමින් එක්සත් රාජධානියේ බෞද්ධ සුපින්වතුන්ට සිදු කරන්නේ අමිල අනගි මෙහෙවරකි. නා හිමියන්ට මේ ධූරය චිරාත් කාලයක් හොබවා ආගමික ශාසනික සංස්කෘතික සමාජීය හා සමාජ සේවා මෙහෙවරක් ඉටු කිරීමට චිර ජීවනය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.