Print this Article


රන්මල් සෑරදුන්ගේ නිදන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය

රන්මල් සෑරදුන්ගේ නිදන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය

අනුරාධපුර, රුවන්මැලි මහා සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ අනුරුවක් වශයෙන් ඉන් 1/10 ප්‍රමාණයට තනවා ඇති පරගස්තොට කොඩිගලකන්ද ආරණ්‍ය සේනාසනයේ මැද මලුවෙහි රුපියල් ලක්ෂ එකසිය විසිපහකට අධික වියදමකින් තනවනු ලැබූ චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ සර්වඥ ධාතූන් වහන්සේ සහ ශ්‍රී ලංකාවේ පළමුවන මහරහතුන් වහන්සේ වශයෙන් පිළිගනු ලබන ( මහියංගන චෛත්‍යරාජයාණන් වහන්සේ තුළ ගී‍්‍රවා ධාතූන් වහන්සේ තැන්පත් කළ) සරභූ මහා රහතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ ඇතුළු රහත් ධාතූන් වහන්සේ සමඟ ධාතු කරඬු බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීමේ මහා පින්කම පසුගිය ජුනි 30 වැනි දා උදෑසන සිදු කරනු ලැබිණි.