Print this Article


පැතුමක්

පැතුමක්

පිනක් යැයි දැන
සිතක් පිනවන
සොඳුරු හදවත්
මුණ ගැසේවා

වැරැදි යැයි දැන
බියක් නොමැතිව
පව්කරන අය
හමු නොවේවා

දුකක් නොමදන
හිතක් නොරිදන
සැමගෙ ඇසුරෙන්
සෙතක් වේවා

හදත් උණුවී
මටත් මේ ලෙස
හිතන්නට සරි
ඉඩක් වේවා

ලොවක් සනසන
බෝසතුන් වන්
උතුම් මිනිසුන්
හමුවයේවා

සැමගෙ හද තුළ
මුවග හසරැලි
නිරන්තරව ම
රැඳීයේවා