Print this Article


තායිලන්තයේ පැවිදි උපසම්පදා පින්කම

තායිලන්තයේ පැවිදි උපසම්පදා පින්කම

තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන විහාරාධිපති ශාස්ත්‍රපති රාස්සගල සීවලී හිමියන්ගේ අනුශාසනා පරිදි තායිලන්තයේ දී වාර්ෂිකව සිදු කෙරෙන පැවිදි උපසම්පදා පින්කම මෙම නොවැම්බර් අගදී පැවැත්වීමට නියමිත ය. වයස අවුරුදු 20 - 60 අතර සෞඛ්‍ය සම්පන්න බෞද්ධ පිරිමි අයට මේ සඳහා 2023 මැයි 31ට පෙර අංක 191,මාබිම ,හෙයියන්තුඩුව. තායි - ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට අයැදුම් කළ හැකි බව සීවලී හිමියෝ පවසති. ඒ සඳහා තෝරාගනු ලබන අයට තායිලන්තය තුළ ගත කරන සති තුනක පමණ කාලයේ දී සිවුරු පිරිකර,වන්දනා චාරිකා,භාෂා පරිවර්තනය ඇතුළු පහසුකම් නොමිලයේ සැපයේ.