Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අංක 28, පඬරැල්දෙණිය, පිළිමතලාව ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ නිරෝෂා කුමාරි විජේරත්න යන අය වකුගඩු ආබාධයකින් පෙළෙන බව පවසයි. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව වෛද්‍යවරු පවසන බව කියයි. වකුගඩුවක් හෝ මුදල් පරිත්‍යාග කිරීමට කැමැති අය සිටී නම් 078 5900590 දුරකතන අංකයෙන් විමසිය හැකි බව කියයි.

***

මොරටුව, කොරලවැල්ල, මහවිදාන පාර අංක 76/9 ඒ ලිපිනයේ පදිංචි ඊ.යූ.එන්. ද සිල්වා යන අයට හැකි ඉක්මනින් බයිපාස් සැත්කමක් සිදුකරගන්නා ලෙසට වෛද්‍යවරු දැනුම් දී ඇති බව කියයි. ශල්‍ය කර්මය සිදුකර ගැනීම සඳහාත්, ඖෂධ ලබා ගැනීම සඳහාත් විශාල මුදලක් වැයවන බව පවසයි. ආධාර කිරීමට කැමති අය සිටී නම් 071 8194027 දුරකථන අංකයෙන් දැනුම් දීමට හෝ සම්පත් බැංකු 1001 5001 6759 ගිණුමට මුදල් බැරකළ හැකි බව ද පවසයි.

***

කළගෙඩිහේන සපුගස්තැන්නේ පදිංචි වකුගඩු රෝගයෙන් පීඩාවිඳින මවක් සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය බව පවසයි. පරිත්‍යාගශීලීයෙක් වෙතොත් 071 4200267 දුරකතන අංකයට දැනුම් දීම කළ හැකි බව කියයි.

***

ඩබ්.කේ. ධම්මික ප්‍රදීප් උදය යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට “බී පොසිටිව්” හෝ “ඕ පොසිටිව්”, නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ද කියයි. පරිත්‍යාගශීලීන් වේ නම් 074 1215990 දුරකතනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි. ( අවු. 30-60 දක්වා අය විශේෂයි)

***

හුණුමුල්ල පදිංචි ගුරුවරයකු වන සරත් විජේසේකර දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඕ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ද කියයි. පරිත්‍යාගශීලීන් වේ නම් 071 3689306 දුරකතනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.