Print this Article


අනූහතර වැනි වරටත් පැවැත් වෙන රාගම වල්පොළ පොසොන් පෙරහර

අනූහතර වැනි වරටත් පැවැත් වෙන රාගම වල්පොළ පොසොන් පෙරහර

1928 ජුනි මස 15 වැනි දින ආරම්භ කළ රාගම වල්පොළ ශ්‍රී විමලරත්නාරාම විද්‍යා නිවාස මහ පිරිවෙන් විහාරස්ථ ශ්‍රී බාලාභිවෘද්ධිවර්ධන සමිතිය මඟින් මෙහෙයවනු ලබන පොසොන් පුණ්‍යොත්සවය සහ පොසොන් පෙරහරට සමගාමී පින්කම් මාලාව සහ මැයි මස 25 දින සිට ජුනි මස 02 දින තෙක් පැවැත්වීමට නියමිතව තිබුණි. මෙවර පෙරහර පවත්වනු ලැබුවේ 94 වැනි වරට ය.

විහාරගණයේ භාරකාර ස්වාමීන් වහන්සේ වන පොල්පිටිමූකලානේ විමලරතන නා හිමි, ශ්‍රී විමලරත්නාරාම විද්‍යානිවාස මහ පිරිවෙන් විහාරාධිපති හා පිරිවෙන් කෘත්‍යාධිකාරී කලුවලගල විමලසාර නාහිමියන්ගේ මූලිකත්වයෙන් සහ විහාරස්ථ ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙම පෙරහර පැවැත්වුණි.