Print this Article


මහනුවර මිහිඳු පෙරහර මෙවරත්

මහනුවර මිහිඳු පෙරහර මෙවරත්

මහනුවර පිහිටි වසර 112 පැරැණි බෞද්ධ සමිතියක් වන සීමා සහිත ශ්‍රී පුෂ්පදාන සමිතිය විසින් වාර්ෂිකව ඉතා උත්කර්ෂවත්ව පවත්වන අනුබුදු මිහිඳු මාහිමියන්ගේ පිළිරුව වැඩම කරවන උඩරට, පහතරට නර්ථන අංග හා සංස්කෘතික අංග සහිත මිහිඳු පෙරහර මෙවර පොසොන් පෝදා උදේ 09.00 ට මහනුවර ඩී.ඇස්. සේනානායක වීදියේ සමිති මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වී මහනුවර නගරයේ වීදි සංචාරය කිරීම සිදුවේ.

මෙහිදී එදිනම දිළිඳු පවුල් සියයක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම ද සිදු කෙරේ.