Print this Article


තපෝවන පුන්සඳාණෝ

තපෝවන පුන්සඳාණෝ

අමරපුර මහ නිකායේ ගරු
උතුරුතර පදවිය ද හෙබ වූ
අග මහ පඬි ගරු නම ද දැරු
දොඩම්පහලේ චන්දසිරි හිමි

අඩුව පුරවනු කෙලෙස මෙදියත
වියත් මහ සඟ පරපුරට නිබඳව
පහන් කන්දක් ලෙස එළිය කළ
මුවින් වදහළ ගැඹුර බණ පද

දනන් දම් පවසට දිව ඔසුව විය
සසුනඹර පුරසඳ මඬල ඔබම ය
පිළිවෙතින් සරු දහම් ආකර
තපෝවන සෙනෙසුන් උදාකළ

සහස් සුවහස් සිසු පුතුන් සිරි
ලකෙහි බිහිකළ මහ සඟ රජ
ඔබ ය සමිඳුනි පුදමි හදමල
සුසිල වූ ඔවදනින් පිරිපුන්

අනගි දිවිමඟ හිමිගෙ රසඳුනකි
සඳුන් රුක සේ සුවඳ විදහළ
සමිඳුනේ බුදුකුරු ලෙසින් යළි
වඩිනු මැන අප වෙතට පිය මැන