Print this Article


වලේබොඩ ගුණසිරි අනුනාහිමිපාණෝ

වලේබොඩ ගුණසිරි අනුනාහිමිපාණෝ

මිණිපුර සබරගමු හෙළ රන්බිම පසිඳු
සුරපුර සිට අවුත් ඉපැදුණු නා සමිඳු
සිරිසර සසුනඹර පෑ තරිඉඳු දිනිඳු
විල්තෙර සියපතෙකි සුසුවඳ පිරි පුබුදු

පෙරුමන් පුරා විත් මඟ කල් කප් සුවහස්
තරු මැද සසුනඹර බැබළුණු ලොව නිදහස්
ගරු බුහුමන් ලැබූ සඟ දිවියට පියදස්
තුරු වැල් පවා නමදිති ගුණයට අනුසස්

අනු නා සමිඳු බද්දේගම පසිඳු වියත්
දීනු මඟ පබාමත් කළ ඇදුරිදුයැ මහත්
අනුහස් වඩාහිඳ සඟ නිලඹරෙහි දියත්
මනු සත් ලොවේ ඉරබටු තරුවකිය උගත්

මහ පිරිවෙනේ සිරිලක් විදුහලේ ගරු
සහයෝගයෙන් ගුරුසිසු හා සමග පිරු
කහ වත් සේ ම ගිහි සිත් දිලු සදිසි හිරු
මහ තෙරනමකි මැණිකක් බඳු අඳුර දුරු

මිරිදිය ගඟක් සේ සිත් දම් දියෙහි රැඳු
අරි අට මඟෙහි වැඩි යතිවරයෙකි ය බුදු
පිරි හද මඬල කරුණාවෙහි සිසිල බෙදු
සිරි පද වඳිමු අනුනාහිමි පදවි ලදු

ගුණ පිරි ඇදුරු ගම් පියසෙහි වලේබොඩ
තරුපිරි නිලඹරෙහි සඳු සේ ලැබූ ඉඩ
රසපිරි බුදු වදන් දෙසු මුදු සරේ හඬ
මුවපිරි, ඇසූ දන අහුරති ගමේ ඉඩ

අභිමන් මහ නිකායික රාමඤ්ඤ ගරු
වඩිමින් නේක තනතුරු ආ මඟෙහි දැරු
බුහුමන් ලබලබා පෙරුමන් බලෙන් පිරු
දැනුමින් අහස මෙනි විශ්වය තිබෙන තුරු

වන පස මලින් පිරි පුදසුන් දකින්නට
තැන තැන අසපු පිරිවෙන් සැදු දනන්හට
පිනට ම උරුම අනුනාහිමි වහන්සේට
දණ බිම නමා අවසර පා වඳීන්නට