පින් කරමු
පොහෝ දින
ගෙන්වා බිඟුන් කැළ සමනලයන් රෑන
නෙක නෙක දනන් දෙනෙතට රසඳුන ගේන
දින සති ගණන් ලොවටම උඩඟුව පාන
කුසුමක් වේ ද පුදසුන මත පර නූන
මේ මල් පරව යයි හෙට දින උදෑසන
දැල්වූ පහන් යයි මොහොතින් නිවීගෙන
අවසන් හුස්ම උඩු සුළඟට ගසාගෙන
යන තුªරු නොසිට පින් කරමු ද පොහෝ දින
ගිරිඋල්ල
බෝපිටිය වෛද්‍ය මධ්‍යස්ථානයේ
වෛද්‍ය
කුසුම් වික්‍රමරත්න |