බෞද්ධ ඉතිහාසයේ නිකාය භේදයට බලපෑ සාධක
බත්තරමුල්ල මයුරපාද මහ පිරිවෙන් විහාරාවාසී
රාජකීය පණ්ඩිත
රත්මලානේ රතනසිරි හිමි
නිකාය යන වචනය බෞද්ධ සාහිත්‍යයෙහි ඉතා ප්‍රකට වචනයකි. බෞද්ධයන්ගේ ධර්ම ග්‍රන්ථ
ත්‍රිපිටකය ලෙස හැඳින්වේ.
එම ත්‍රිපිටකයේ එක් කොටසක් සූත්‍ර පිටකය යි. සූත්‍ර පිටකයේ පොත් ද නිකාය ලෙස
හැඳින්වේ. ඒවා දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය හා
ඛුද්දක නිකාය වශයෙන් පංචවිධ ය.
නිකාය යන වචනය සංස්කෘත හා පාලි භාෂාවල ඇති වචනයකි. එය සිංහලයේ තත්සම වචනයක් ලෙස
භාවිත වේ. එහි විවිධ අර්ථ ඇත. රුවන්මල් නිඝණ්ඩුව නිකාය යන්නෙන් ඇතුªළත් බඳින දම්වැල
අර්ථවත් වන බව ද දක්වයි. එහිම සමූහය, කොටස, ගොඩ, කණ්ඩායම, රාශිය යන අර්ථ ද ඇති බව
දක්වයි. මහාරූපසිද්ධි සන්නයෙහි දේව හෝ අසුර යෝනිය සඳහා ද නිකාය යන්න යෙදෙන බව
දක්වයි.
කාව්‍යශේඛරයේ දහඅටවන පද්‍යයෙහි නිකාය යන්න යෙදී ඇත්තේ සමූහය යන අර්ථයෙනි.
මේ අනුව පෙනී යන්නේ නිකාය යන්න විවිධ අර්ථ ගැන්වෙන වචනයක් බවයි. භේදය යන වචනය
සංස්කෘත හිද් ධාතුවෙන් නිපන් පදයකි. එහි බිඳීම්, කැඩීම යන අර්ථ ඇත. අමාවතුර කර්තෘ ද
නිකාය යන්න යොදා ඇත්තේ එම අර්ථයෙනි. එහෙත් කංඛාවිතරණි පිටපොත නිකාය යන වචනය ‘වෙනස’
යන අර්ථ දක්වා ඇත. එම අර්ථය දෙස මඳක් විමසිල්ලේ බැලීම වැදගත් වේ.
බෞද්ධ ඉතිහාසය දෙස විමසිල්ලෙන් බලන විට නිකාය භේදය ඇති වීමට බලපෑ සාධක අතර ප්‍රධාන
වන්නේ ධර්මපර්යායන් විවරණය කිරීමේ දී විවිධ මතවාද ඔස්සේ කණ්ඩායම් ගොනුවීමයි.
චුල්ලවග්ග පාලිය වැනි ඓතිහාසික සාධක අනුව බුද්ධ පරිනිර්වාණයෙන් ශත වර්ෂයක් එනම් වසර
සියයක් ගතවනතුරු සංඝ සමාජය තුළ නිකාය වශයෙන් ඒකරාශී වීමක් සිදු නොවීය.
දෙවන සංගීතිය පවත්වන්නේ බුදුරදුන්ගේ පිරිනිවීමෙන් සිය වසරක් ඉක්මගිය පසුව ය. ප්‍රථම
සංගායනාවට ආසන්නතම කාරණාව සුභද්‍ර හිමිගේ අභද්‍ර වචනය වූවා සේ ම දෙවන සංගීතියට
ආසන්නතම සාධකය වන්නේ වජ්ජිපුත්‍රක භික්ෂූන් විසින් ඉදිරිපත් කළ දස අකැප වස්තු
භාවිතය වැනි විනය විරෝධී කරුණු බව වාර්තා වේ. චුල්ලවග්ග වාර්තාවට අනුව වජ්ජි
භික්ෂූන් මෙම දස අකැප වස්තුව සංඝයා වෙත ඉදිරිපත් කළ පසු යස තෙරුන් වහන්සේ ප්‍රධාන
භික්ෂුහු, ඒවා විනය විරෝධී බව පවසමින් ප්‍රතික්ෂේප කළහ. ඉන් අනතුරුව එ සමයෙහි රජ කළ
කාලාශෝක රජුගේ අනුග්‍රහය මෙම සංගායනාවට ලැබුණු නමුත් දස අකැප වස්තුව පිළිගත්
දසදහසක් පමණ භික්ෂූන් ද වෙන ම සංගායනාවක් පවත්වා වෙනම භික්ෂූන් පිරිසක් ලෙස ක්‍රියා
කළහ. ඒ අය මහා සංඝික නමින් හඳුන්වා ගත් බව නිකාය සංග්‍රහයේ සඳහන් වේ.
අප සතු වාර්තාවන්හි එසේ සඳහන් වුව ද මහා සංඝිකයන්ට අයත් විනය ඇතුළත් චීන
පරිවර්තනයකට අනුව මහා සංඝිකයන් ද දස වස්තුව ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ.
මහාසංඝික නිකායේ සම්භවයට හේතු වශයෙන් දැක්වෙන්නේ රහතන් වහන්සේ සම්බන්ධ විවේචනාත්මක
රහත් විරෝධී ආකල්පයන් බව සඳහන් වේ. සංගායනාවට සම්බන්ධ වූ යස, රේවත, සබ්බකාමී වැනි
තෙරුන් වහන්සේලාගෙන් සමන්විත වූ භික්ෂු පිරිස ස්ථවිර වැය හෙවත් ථෙරවාද නමින්
හැඳින්විය. මේ ප්‍රධාන කොටස් දෙක හෙවත් නිකාය දෙක මුල්කොටගෙන තවත් නිකායයන්
බිහිවන්නට විය. එනම් ථෙරවාදීන්ගෙන් කොටස් එකළොසක් ද, මහා සංඝිකයන්ගෙන් කොටස් පහක් ද
වශයෙනි.
මහා සංඝිකයන්ගෙන් බෙදී ගිය නිකාය අතර ගෝකුලිකයෝ වැදගත් වෙති. සියලුම සංස්කාරයන්
ගිනිදැල් රහිත උණු අළු මෙන් ගෝකුලිකයන් සලකන බව කථාවත්ථු අටුවාවේ සඳහන් වේ.
එකබ්බෝහාරික යනු මහා සංඝිකයන්ගෙන් වෙන්ව ගිය තවත් නිකායකි. බුද්ධ ධර්මය සෙසු
නිකායිකයන්ට වඩා විශිෂ්ට අන්දමින් අන්තර් බුද්ධියෙන් දත් බැවින් එකබ්බෝහාරික නම් වී
යැයි කියති.
ඉහත දැක් වූ ගෝකුලික නිකායෙන් වෙන්ව ගිය කණ්ඩායමක් ලෙස පඤ්ඤත්තිවාදීන් දැක්විය හැකි
ය. මේ නිකාය සියලුම ප්‍රඥප්ති ධර්මයන් දුක්ඛ සම්මිශ්‍ර යැයි කියති. මහා සංඝික
නිකායෙන් ඉවත්ව ගිය මහාදේව ආචාර්යයන් විසින් චෛත්‍යය නම් පර්වතයෙහි දී චෙතියාවාද
නිකාය ආරම්භ කළ බව සඳහන් වේ. චෛත්‍ය වන්දනාව පළමුවෙන් ආරම්භ කරන ලද්දේ චෙතියවාදීන්
විසිනැයි කියති.
ථෙරවාදයෙන් බෙදී ගිය නිකායකි, මහිංසාසක. ලංකාවට බුද්ධාගම ගෙනා පසු දඹදිව ඉතිරි වූ
ථෙරවාදයෙන් මහිංසාසක නිකාය හටගත්තේ යැයි කල්පනා කරති. පෘථිවිය ප්‍රමාණ කොට අනුශාසනා
කරන බැවින් මේ නම් වී යයි කියති. රහතන් වහන්සේ විසින් නොදැන පවු සිදු විය හැකි ය.
රහතන් වහන්සේ තමන්ගේ රහත් බව නොදැන සිටිය හැකි ය. රහතන් වහන්සේට ධර්මය පිළිබඳ සැක
තිබිය හැකි ය. පරෝපදේශ රහිතව රහත් විය හැකි ය. භාවනාවෙහි දී අහෝ දුකකි වැනි සංවේදී
වචනයන් භාවිත කිරීමෙන් රහත් විය හැකි ය.
ඉහත අදහස් ප්‍රකාශ කරන ලද්දේ මහාදේව නම් තෙර නමක් විසිනි. එහෙත් කථාවත්ථුප්පකරණ
අටුවාවෙහි මහා සංඝික නිකායේ සම්භවයට හේතුව රහතන් වහන්සේ පිළිබඳ ප්‍රශ්නය බවත් එහි
දක්වන හේතු හය තරමක් දුරට වෙනස් බවත් පෙනේ.
රහතන් වහන්සේට නොදැනීම ඇත, රහතන් වහන්සේට සැකය ඇත, රහත් වීමට අන්‍යයන්ගෙන් දැන
ගැනීම අවශ්‍ය වේ, සමාපත්තීන්ට සම වැදුනහුට වාග් භේදය ඇත, දුක සේ මාර්ග ඵලයන්ට
පත්විය යුතු ය.
ථෙරවාදීන් සතු කථාවත්ථුප්පකරණයෙහි සහ අට්ඨකථාවන්හි නිකාය භේදයට හේතු වූ විවිධ
මතිමතාන්තර සාකච්ඡා වී ඇත. රහත් විරෝධී ආකල්පය ඒ අතර ප්‍රධාන වන බව පෙනේ. එවන්
විරෝධයක් මතුවීම විස්මය ජනක නොවන්නේ පුහුදුන් භික්ෂූන් එකල බහුලව විසූ බැවිනි.
ශාක්‍ය පුත්‍ර වූ ඒකීය සංස්ථාවෙන් ප්‍රථමයෙන් වෙන්ව ගිය භික්ෂු කණ්ඩායම විහාරයේ දී
පාහියන් භික්ෂුවට ධර්ම ගුප්තිකයෝ හමු වූහ. කස්සපීය නිකායේ ආරම්භකයා කස්සපිය තෙරුන්
ය. උද්‍යාන දේශයට මිනිසුන් යවා කාශ්‍යපීයයන්ගේ ත්‍රිපිටකය ලියවන්නට නියම කළ බැව්
හියු - එං - සියැං කියයි. අනාත්මවාදී මෙන් සලකන සප්ත නිකායයන් අතර මේ නිකාය ද
ඇතුළත් වේ.
සර්වාස්තිවාදීන්ගෙන් බෙදුණු ශාඛාවක් ලෙස සංක්‍රාන්තිවාදීන් දැක්විය හැකි ය.
සත්ත්වයාගේ සංක්‍රමණය ගුරු කොට ගත් බැවින් මොවුහු සංක්‍රාන්තිය නම් වූහ.
සංක්‍රාන්තිවාදීන්ගෙන් බිඳුණු සෞත්‍රාන්තික නිකායයේ ආදී කර්තෘහු ආනන්ද ස්ථවිරයන්
වහන්සේ තමන්ගේ උපාධ්‍යාය බැව් කීහ. මේ නිකායේ ප්‍රතිෂ්ඨාපකයා කණිෂ්ක සමයෙහි විසූ
කුමාරලබ්ධ ආචාර්යවරයා බැව් හියු - ඵං - සියැං කියයි. සූත්‍රාන්තයම ප්‍රමාණ කොට ගත්
බැවින් මොහුහු සෞත්‍රාන්තික නම් වූහ.
සම්මත නම් ආචාර්යයන් විසින් සම්මිතීය නම් තවත් නිකායක් පිහිටුවිය. සම්මිතියයෝ
පුද්ගලවාදය පිළිගනිති. එහෙත් අනාත්ම දෘෂ්ටිය වැරැදි යැයි නොකියති.
මොග්ගලිපුත්තතිස්ස තෙරුන් විසින් කථාවත්ථුවෙහි දී පළමුව ඛණ්ඩනය කරන ලද්දේ
සම්මිතීයයන්ගේ මේ පුද්ගලවාදය යි.
හර්ෂ රජු දවස නීලපට දර්ශනය නම් වූ ග්‍රන්ථයක් රචනා කරන ලද්දේ සම්මිතීය නිකායේ
භික්ෂුවක විසිනි. පසුකාලීනව වාත්සීපුත්‍රීය නිකායෙන් ඡන්නාගිරික යනුවෙන් නිකායක්
බිහි විය. ලක්දිව අභයගිරිකයන්ගේ සහ ඡන්නාගිරිකයන්ගේ සම්බන්ධයක් පැවැති බව සඳහන් වේ.
වාත්සීපුත්‍රීයයන්ගෙන් බිහි වූ තවත් නිකායකි, භද්දයානික. මේ නිකාය පිහිට වූ
භද්‍රයාන නම් ආචාර්යවරයාගේ නමින් එනම් විය. ධම්මුත්තරික නිකාය ද වාත්සීපුත්‍රීය
නිකායේ ශාඛාවකි. මේ නිකායේ ආරම්භකයා ධර්මෝත්තර නම් ආචාර්යවරයෙකි. එබැවිනි නිකායට ඒ
නම වැටුණේ. මේ නිකාය ද අනාත්මවාදීය. කථාව සම්පාදනය කරන ලද්දේ මහිංසාසක වංසයෙහි
බුද්ධදේව තෙරුන්ගේ ආරාධනයෙනි.
මෙම ලිපියේ ඉතිරි කොටස වෙසක් පුර අටවක පෝදා (27) අන්තර්ජාල කලාපයේ පළවේ. |