Print this Article


ගොතටුව ශ්‍රී මහා බෝධිමළු විහාරය

ගොතටුව ශ්‍රී මහා බෝධිමළු විහාරය

ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරයේ වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන හිස තෙල් ගෑමේ උත්සවය මෙවරත් අරම ශ්‍රී ධම්මතිලක නා හිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහි විශේෂත්වයක් වන්නේ වසර ගණනාවක් පුරා දෛනිකව පිරිත් කරන ලද තල තෙල්, මී තෙල්, අබ තෙල්, කොහොඹ තෙල් හා එඬරු තෙල් යොදා සකස් කර ගන්නා ලද තෙල් සහ කලාඳුරු අල, කුංකුමප්පු , සුදුහඳුන්, විෂ්ණු ක්‍රාන්තිය, ගොරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය,බෙලි මුල්, වෙනිවැල් ගැට, ඊතන, නෙළුම්දඬු , ගොඩමානෙල් අල, නස්නාරං මුල්, සැවැන්දරා මුල්, ඖෂධ වර්ග 14 ක් යොදා සකසන ලද කෂාය හා නානු හිසතෙල් ගෑම සඳහා යොදා ගැනීම යි. මහා සංඝරත්නයේ පිරිත් දේශනා මධ්‍යයේ අප්‍රේල් 16 දින හිසතෙල් ගෑම සිදු කිරීමට නියමිත ය.