Print this Article


ගංගාරාම විහාරයේ සති පිරිත් පින්කම මෙවරත්

කොළඹ 02, ශ්‍රී ජිනරතන පාර ගංගාරාම විහාරස්ථානයේ දී රටවැසියනට යහපත් වූ හෙට දවසක් උදාවේවායි ප්‍රාර්ථනා කරමින් පුරා වසර 90ක් අඛණ්ඩව පවත්වා ගෙන එනු ලබන සති පිරිත් දේශනය මෙවර ද 91 වැනි වරට මේ මස 01 වැනි දා ආරම්භ කොට 09 වැනි දා දින දවල් දේවාල දානයෙන් අවසන් කිරීමට කටයුතු යොදා ඇත.

උදේ 6.00 ට, සවස 3.00ට සහ රාත්‍රී 8.00 ට සහ රාත්‍රී 8.00 මහ පිරිත් දේශනය පැවැත්වේ. අපේ‍්‍රල් 07 දින රාත්‍රී සූත්‍ර දේශනාව, 08 දින රාත්‍රී දොරකඩ අස්න, අනුශාසනාව සහ ආටානාටිය සූත්‍ර දේශනා පැවැත්වේ. ආශිර්වාද පතා තැබීම පිණිස තෙල්, බෙහෙත්, යන්ත්‍ර, මුහුදු වැලි ආදී ආරක්ෂක දේ විහාරස්ථානයට ගෙනැවිත් බාරදිය හැකි බව ගංගාරාමාධිකාරී කිරින්දේ අස්සජි නාහිමියෝ දන්වා සිටිති.