Print this Article


ඕමල්පේ සිරි සීලානන්ද හිමි කොළොන්න කෝරළයේ අභිනව ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවි ලබයි

ඕමල්පේ සිරි සීලානන්ද හිමි කොළොන්න කෝරළයේ අභිනව ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවි ලබයි

රත්නපුර නව නගරය පුබුදුගම ධර්ම නිකේතනාරාමාධිපති ඕමල්පේ සිරි සීලානන්ද හිමිපාණන් සබරගමු පළාතේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ සබරගමුව පළාත් බද කොළොන්නා කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට පත්ව සිටී. ඒ පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය මෙම 6 වැනි දා පස්වරුවේ මහනුවර මල්වතු මහා විහාර උපෝෂථාගාරයේ දී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් වහන්සේ මහා ප්‍රධාන කාරක සංඝ සභාවේ සහභාගීත්වයෙන් සිදුවේ.