ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ බක් පුර අටවක පෝදා 2023 මාර්තු 29 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
බෝ සෙවණේ සිලි සිලියේ බෝ පත් සෙළැවේ අමදින විට බෝ මළුවේ සුදු වැලි දිලිසේ
පය තබනා විට මළුවේ මොහොතක් ගානේ සමිඳුන් මයි සිහි වන්නේ මතකෙට මාගේ
බෝ මැඬ ළඟ බුදු හිමිගේ රැස් විහිදෙන්නේ අසිරිය දැක සදෙව් ලොවම සාධු කියන්නේ මහ බඹුවිත් දොහොත් මුදුන් දී නමදින්නේ
අපා දෙපා සියලු සතුන් හට මෙය දැනුණේ ගස් වැල් මල් සියලු ම දේ තුටින් සැනසුණේ අඳ ගොළු බිහිරන් සියලු දෙනා සුවපත් වූයේ බුදු අසිරිය තුන් ලොවට ම මෙලෙසයි දැනුනේ මෙත් කරුණා මුදිතාවෙන් ලොවම නැහැවුණේ
මළුව තුළ මොහොතකට මගේ සිත නැවතුනී අමදින කුසලයෙන් මෙලෙස මම පතනෙමි දිනෙක මම බෝ සෙවණේ බවුන් වඩන්නම් සසර දුකින් එතෙර වන්න පැතුම් පතන්නම්
වයි.එම්. සීලවතී
මාර්තු 28 අඟහරුවාදා අ.භා. 07.07 න් පුර අටවක ලබා 29 බදාදා අ.භා. 09.11 න් ගෙවේ. 29 බදාදා සිල්
පුර අටවක
මාර්තු 29
පසළොස්වක
අප්‍රේල් 05
අව අටවක
අප්‍රේල් 13
අමාවක
අප්‍රේල් 19
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]