පස්කම් සුව නිසා නිවන් මඟ ඇහිරීම වළකා ගන්නේ මෙලෙසයි
වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරවාසී
ශාස්ත්‍රවේදී
වැලිපත ධම්මාරාම හිමි
දවසක් බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණි දෙවියකු උන්වහන්සේගෙන් මෙසේ ඇසීය.
“බුදුරජාණන් වහන්ස ලෝකය තුළ වසන සත්වයෝ අතර කවරකු නිදා සිටින්නේ ද ? කවරකු අවදිව
සිටින්නේ ද ? කුමක් හේතු කොට ගෙන කෙනකු පිරිසිදු වන්නේ ද ? අපිරිසුදු වන්නේ ද ? ඊට
පිළිතුරු දුන් බුදු රජාණන් වහන්සේ”.
“දේවතාවනි පස්දෙනකු නිදා සිටින අතර, පස් දෙනකු අවදියෙන් සිටියි. පස් දෙනකු අවදියෙන්
සිටින අතර පස්දෙනකු නිදා සිටියි. පස්වැදෑරුම් කාරණා මත අපිරිසිදු බවට පත් වේ."
මෙම කරුණුවල තේරුම කුමක්දැයි විමසා බැලීම ඉතා වැදගත් වේ.
කිසිදු ප්‍රයෝජනයක්, ඵලක් නැති කටයුත්තක යෙදීම නිදාගැනීම යි. ඇස, කන, නාසය, දිව,
ශරීරය නින්දේ දී වැසී පවතී. සිතේ ඇතුළත නොබිඳී ඉදිරියට ගලා යයි. බාහිර කාරණා නිසා
සිතිවිලි කැළඹීමට පත් නොවේ. එබැවින් මනසේ ක්‍රියාකාරීත්වය ව්‍යාකූල නොවේ.
නින්දෙන් අවදි වූ පසු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ක්‍රියාත්මක වනු ඇත. ඉන් සුඛ,
දුක්ඛ වශයෙන් අරමුණු ලබා ගැනීම සිදු වේ. හැම අරමුණකම ගැටේ. ප්‍රථිපලය අරමුණු
ක්‍රියා කරවීම නිසා ප්‍රතික්‍රියා වශයෙන් විපාක ලැබෙණු ඇත.
එසේම පුද්ගලයා සතුටු නොවන, තෘප්තියට පත් නොවන දෙයින් ඈත් වේ. පංච ඉන්ද්‍රියන්
තුළින් ලබන සතුටු අරමුණු නිසා තෘප්තියට පත්වේ. දැඩි ලෙස තව තවත් එහි ඇලීම් ඇති වේ.
ආශා කරයි. ඒ තුළින් විවිධ වින්දනයන් ලබයි. නින්දේ සිට ඇවිදින අයකු යම් සේ ද, එසේ ම
සිත උම්මත්තක වී, උමතු වී සිටින අයකු යම් දේකට පෙළඹේ ද එසේ සිදුවන වැරැදි මෙසේ
සලකනු ඇත.
ධර්මානුකූල ප්‍රතිපදා තුළ නැති අවුල් වූ, ව්‍යාකූල වූ සියලු දෙනා බුදු රජාණන්
වහන්සේ දකින්නේ අවදියෙන් සිටින අය නිදා සිටින ආකාරයයි.
“සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා” යනුවෙන් ප්‍රකාශ කළේ එයයි. මනා සිහියෙන් සීල, සමාධි,
ප්‍රඥා වඩනු ලබන ධර්මානු ධර්ම ප්‍රතිපත්ති අනුගමනය කරන පුද්ගලයා, නිර්වාණ මාර්ගයට
පිලිපන් පුද්ගලයා නිතරම අවදියෙන් සිටින, අවබෝධයෙන් සිටින අයකු ලෙස බුදු රජාණන්
වහන්සේ පෙන්වා දී ඇත.
නිර්වාණ මාර්ගය පිළිබඳ සිත් වූ පුද්ගලයා පංච නීවරණයෙන් සිදු වන්නා වූ ජීවිත ආගාධය
අවබෝධ කරගෙන, සිත වසා ඇති අඳුර පිළිබඳ මනා අවබෝධයෙන්, පංච කාම සම්පත්තීන් පිළිබඳ
ඇලී ගැලී නොසිට කටයුතු කරයි.
පංච කාම සම්පත්තීන්වල ඇලී සිටීමේ දැඩි ආශාව “කාමච්ඡන්දය” ලෙස පෙන්වා දිය හැක. එසේම
වස්තු කාමය, ක්ලේශ කාමය වශයෙන් කාරණා දෙකක් පෙන්වා දිය හැකි ය. ඉන්ද්‍රියයන්
පිනවීමට ඇති කෑදර ආශාව වස්තු කාමය වේ. තමාගේ අයිතිවාසිකම් දේපළ, ධනය, බලය, මුදල් මත
ඇලී ගැලී කටයුතු කිරීම වස්තු කාමයයි.
ක්ලේශ කාමය යනු පහත් වූ ආශාවන් සන්තර්පණය කිරීම, ඒ සඳහා ඇලී කටයුතු කිරීම, සිත සිතා
ගැටීම වශයෙන් හඳුන්වාදිය හැකි ය.
මේ ඇලීම, ගැටීම නිසා පුද්ගලයා සමාජ වටපිටාව තුළ ඇසුරු කරන අය අතර පිරිහීමට පත් වේ.
අධාර්මික, ගුණ ධර්ම පිරිහුණ අශීලාචාර පුද්ගලයකු වශයෙන් විදහා පෙනේ. අඥාන, අශිෂ්ඨයකු
ලෙස බලන්නා, දකින්නා පිළිකුල් කරයි. නින්දා කරයි. ගැරහීමට බඳුන් වේ.
එසේම බොහෝ දෙනා භාවනාව සඳහා යොමු වන්නේ ඉහත නීවරණයි. ධර්ම ක්‍ෂය කිරීම පිණිස සිත
පාලනය කර ගැනීම සඳහායි. එහෙත් පිළිකුල් භාවනාව වැඩීම පිණිස යොමුවූවත් ආශා මැඩීම
එතරම් පහසු කටයුත්තක් නොවෙයි. මන් ද ඒ ලෝකෝත්තර මාර්ගයට අයත් එකකි. තාවකාලික
මැඩීමක් සිදුවුව ද සම්පූර්ණ නොවෙයි.
විදර්ශනා වඩන්නා තුළ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්‍ෂණ දැකිය හැක. ඒ තුළින් කාමච්ඡන්දය
යටපත් වේ.
තමාගේ හිතේ තවත් අයකු කෙරේ තරහක් නිසා ගැටීම ඇති වේ. ඒ තුළින් අයහපත් දේ සිදු වේ.
පළිගැනීම ඇති වේ. ඇති වන්නා වූ කෝපය ව්‍යාපදය යැයි හඳුනාගත යුතු ය.
සමහරු සමාජයේ විවිධ හේතු කාරණා නිසා තම අදහස් ඉදිරිපත් කරමින් තමා ඉස්මතුවීමටත්
අනෙකා පහත් කිරීමටත්, ධනය, බලය, නිලය තමාට වඩා අනෙකාට ලැබෙන්නේ නම් ඔහුට හෝ ඇයට
විවිධ බාධා පැමිණවීමටත් කටයුතු කරයි. ඒ තුළින් සතුරන් ඇතිවෙයි. එවන් වටපිටාවක
නොගැටී, නොඇලී සිට සිත භාවනාවේ යොදන්නට හැකි වේ නම් ලෞකික වශයෙන් ජය ලබා ගත හැකිවන
අතර. ලෝකෝත්තර වශයෙන් නීවරණයන්ගෙන් මිදී ජය ගත හැක.
එසේම ව්‍යාපාදය නිසා පුද්ගලයකුගේ නියම පැහැපත් බව පවා නැතිවෙයි. සිත චංචල වේ. හිතේ
අසතුට නිතර ඇතිවේ. වේදනාකාරී මානසික මට්ටම වැඩි වේ. නිතර බියෙන් සැකයෙන් වාසය
කිරීමට සිදු වේ. මේ තත්වය මෝඩයාට, අනුවණයාට නොදැනේ. නොපෙනේ.
එසේම අකැමැති අප්‍රිය වූ අරමුණු නිසා තරහා ව, ක්‍රෝධය ඇතිවේ. සිතේ තැන්පත්ව ඇති
ක්ලේශය යටපත් කර සිටියත්, විටක නිදා සිට අවදී වූ කොටියකු ලෙස යටපත් කරගෙන සිටි
ක්‍රෝධය ඉස්මතු වේ. ඒ තුළින් ප්‍රාණඝාතය සිදු වේ. පරුෂ වචන පිට වේ. අනුසය,
විතික්ඛම, පරියුට්ඨාන වශයෙන් මේවා ධර්මානුකූලව විස්තර වේ.
කෝපය නිසා ඇතිවන්නා වූ ක්ලේෂය දැවී අළු වී ගිය ලැව් ගින්නකට මැදි වූ වනයක් නැවත
ගින්නකින් අළු නොවන්නා සේ සකෘදාගාමී, අනාගාමී වූ මාර්ගපල ලාභියාගේ සිත්හි හට නොගනී.
සෝකය, සන්තාපය ඇති නොවේ. සදාකාලික සුවය, ප්‍රීතිය, සතුට ළං වී නිවන ජය ගනු ලැබේ.
තමා ඉදිරියේ තමා කැඩපතක් වී යථාර්ථය දැකීමට හැකිවන්නේ නම් ගිහි, පැවිදි ලෝක සත්වයාට
පස්කම් සැපයෙන් නිවන් මග අහුරා තැබීම වළකා ගත හැකි වේ.
|