Print this Article


ගල්ටැම්වත්තේ නන්දරතන නා හිමි සේවය ඇගයේ

ගල්ටැම්වත්තේ නන්දරතන නා හිමි සේවය ඇගයේ

ඓතිහාසික යුදගනා රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගල්ටැම්වත්තේ නන්දරතන ස්ථවිරපාදයන් වහන්සේ ඌව වෙල්ලස්ස දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පුද ලබා ඇත.

නන්දරතන නායක ස්ථවිරයන් වහන්සේගේ දැන උගත්කම් මෙන්ම විහාරස්ථානය මූලික කරගෙන සිදු කෙරෙන වාර්ෂික ඇසළ මහා පෙරහර මෙන්ම ශාසනික හා අධ්‍යාපනික මෙහෙවර අගය කළ මහනුවර අස්ගිරි මහා විහාර කාරක මහා සංඝ සභාව, ඌව වෙල්ලස්ස දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය නන්දරතන ස්ථවිරයන් වහන්සේට පිරිනමා ඇත. මෙම ඓතිහාසික සංඝනායක පදවියෙන් පුද ලබන ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රඡ්‍යොභිධාන රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්ථවිරයන් වහන්සේට තෙරුවන් සරණ දෙවි රැකවරණ ලැබ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා ඌව වෙල්ලස්ස ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සේවය කිරීමට නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා'යි ප්‍රාර්ථනා කරමු.