Print this Article


ගුණ සැමරුම් පින්කමක්

ගුණ සැමරුම් පින්කමක්

ඌවේ ස්‍යාමවංශික මහා නිකායේ ආදි කර්තෘවර බොරගොල්ලේ ශ්‍රී සෝමානන්ද මහ නාහිමි, තත් ශිෂ්‍ය අඹේවෙල පඤ්ඤාසාර මහ නාහිමි ඇතුළු ආදි කර්තෘවරුන් ගේ ගුණ සැමරුම් පින්කමක් පෙබරවාරි 25 - 26 - 27 දිනවල වැලිමඩ කැප්පෙටිපොළ පාලූගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරස්ථානයේ දී විල්ඔය පඤ්ඤාතිලක හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.

වර්ෂ 1956 එළඹි 2500 සම්බුද්ධ ජයන්ති සැමරුම් වැඩසටහන් සංවිධානය කළ අවධියේ පෙබරවාරි 25 වන දිනට එළඹි නවම් පුර පසළොස්වක පොහෝ දින මහානාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළ සේක.

පාලූගම සුමනසාර මහනාහිමි , අඹේවෙල පඤ්ඤාසාර මහනාහිමි ඇතුළු ශිෂ්‍ය පුත්‍රාදීන් රැසක් සම්බුද්ධ ශාසනයට දායාද කළ මහා නාහිමිපාණන් වහන්සේට සහ තත්ශිෂ්‍ය පිරිසට නිවන් සුව පතමු.