[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සැමට සෙත් පතමින් බක්කුල මහා සෑ රදුන්ගේ පින්කම් රාශියක්

සැමට සෙත් පතමින් බක්කුල මහා සෑ රදුන්ගේ පින්කම් රාශියක්

සතර පේරුවේ දායකාරකාදීන්ගේ ආගමික වතාවත් නිසි පරිදි ඉටු කළ ග්‍රාමවාසී, ආරණ්‍යවාසී, ශ්‍රී ලාංකීය යතිවරයන් වහන්සේ වයෝවෘද්ධව රෝගී තත්ත්වයේ පසු වූ පසු බහුල ලෙසින් අන්ත අසරණ තත්ත්වයට පත් වන්නේ ය. එවන් යතිවරයන් වහන්සේ සඳහා ගලිගමුවේ ඥානදීප හාමුදුරුවන් වහන්සේගේ සංකල්පයක් මත 2012 වසරේ හොරණ දික්හේනපුර ශීල සුව අරණ වෙහෙර බිමේ ශීල සුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය ඇරඹීය.

අසිරිමත් බක්කුල සෑය ගොඩනැඟීමේ භාරදූර කාර්යය අපේ ගලිගමුවේ හාමුදුරුවෝ ආරම්භ කරන්නේ 2017 වසරේ වෙසක් පුන් පොහෝ දින දී ය. සමස්ත බොදු ජනතාවගේ ද දේශීය මෙන් ම විදේශීය පින්වතුන්ගේ ද ධන පරිත්‍යාගයෙන් සෑරදුන්ගේ වැඩ කටයුතු අලංකෘත ලෙස බොහෝ දුරට නිමවෙමින් පවතී. දෛනිකව ආගමික වතාවත් පැවැත්වෙන අතර බොදුණු ජනතාවට වන්දනාමාන කිරීමේ අවස්ථාව ද සලසා ඇත.

දැනට ගිලන් භික්ෂු මධ්‍යස්ථානයෙහි වයෝවෘද්ධ ගිලන් භික්ෂූන් වහන්සේ තිහක් පමණ වැඩ වාසය කරන අතර දේශීය මෙන්ම බටහිර වෛද්‍යවරයකු සේවය සපයයි. එසේම පුහුණු හෙද කාර්ය මණ්ඩලයක් ද සේවාව සපයයි. තෙල් බෙහෙත් ගැල්වීම, ව්‍යායාම් කිරීම, විවිධ තෙල් සාත්තු කිරීමට විශේෂ පුහුණුවලත් කාර්ය මණ්ඩලයක් සැදී පැහැදී සිටිති.

මෙහි ගිලන්ව වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේ 29ක් වයස්ගත වී අපවත් වූ අතර ඒ අතර එංගලන්ත ජාතික භික්ෂූන් වහන්සේ නමක් සිටීම විශේෂ බැව් විහාරවාසී දිවුලන්කඩවල ආනන්දශීලි හිමියෝ පැවසූහ.

ශීල සුව අරණ පින් බිමේ අසිරිය දැක බලා ගැනීමටත්, ගිලන් භික්ෂූන් වහන්සේට දානය ආදිය පිරිනැමීමටත්, බක්කුල මහා සෑරදුන් වන්දනා කිරීමටත් දේශීය මෙන් ම විදේශීය බොදු ජනතාවට “බුදුසරණ” තුළින් ඇරයුම් කරමින් සැමට බක්කුල සෑරදුන්ගේ ආශිර්වාදය හිමි වේවා යන්න ප්‍රාර්ථනා කරමි.

160 වසක් නිරෝගී ආයු වළඳා උත්තම බක්කුල අරහත් ශ්‍රී නාමයට ඉදි වූ බක්කුල මහ සෑ රදුන් අභියස විශේෂ සෙත් පිරිත් දෙසුම පෙබරවාරි 03 දා උදෑසන 6.00 පැවැත්වුණු අතර එදිනම හීල්දානමය පින්කමද පැවැත්විණි. 160 ස්වාමීන් වහන්සේගේ සහභාගිත්වයෙන් මෙම සුවිශේෂී පින්කම පැවැත්විණි. පසුව බල්කුල මහ සෑ රදුන්ගේ ධාතුන් වහන්සේ සහ නිධන් වස්තු තැන්පත් කළ හතරැස් කොටුව පංචතූර්ය නාදය සහිතව ආවරණය කරන මහ පින්කම සුවහසක් වූ සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් පෙබරවාරි 05 වැනි දා උදෑසන 9.00 පැවැත්වෙනු ඇත. මේ සෑම පින්කමක්ම ගලිගමුවේ ඥානදීප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]