Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය පිරිසට වන්දනා කිරීම සඳහා මෙතෙක් පැවැති අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් රෝපණය කිරීම පසුගියදා විදුහල්භූමියේ දී සිදු කෙරිණි. කථිකාචාර්ය ගාල්ලේ ඤාණාලෝක හිමියන් සහ කථිකාචාර්ය ඩී.ආර්. ගමගේ මහත්මියගේ මූලිකත්වයෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් කාර්ය මණ්ඩලය සහ සිසුන්ගේ සහභාගිත්වයෙන් මෙම පින්කම සිදු කෙරිණි.