දැමුණු සිත
නොදැමුණු සිත
ඉවත දමයි බණ පද
දැමුණු සිත
හදා දෙයි – යහපත
දමනය කළා වූ සිත
හදා දෙයි – ලොවට වැඩ
සම්මා දිට්ඨියට
නැඹුරු වූ සිත
ලොවටම බෙදයි
යහපත් වූ අර්ථය
මේ බණ කරුණු ටික වුව
අවිදු අන්ධකාර පහකොට
සතට ගෙනැවිත් දෙයි
ප්‍රඥා – ප්‍රභා ආලෝකය
කෝට්ටපිටියේ පඤ්ඤාසිරි හිමි
අශෝකාරාමය
දම්සෝපුර |