අනගාරික ධර්මපාලතුමාගේ දේශනා නූතන සමාජයට නැවත සිහිපත් කළ යුතුයි
උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ
ශ්‍රී ලංකා පැරිස් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය කෝ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේය
පුංචි දරුවකු සිත තුළ බිහිවූ පැවිදි වීමේ ආසාව මල්ඵල ගන්වමින් උතුම් පැවිදිබිමට
පත්ව විශේෂයෙන් 70 දශකයේ දී සාහිත්‍ය ලෝකයේ අතිශයින් ජනාදරයට පාත්‍රවෙමින්
බහුශ්‍රැත ව්‍යක්ත පඬිරුවනක් වශයෙන් පැමිණි ගමන්මඟ සිහිපත් කරමින් අපේ සාකච්ඡාවට
දොරටු විවර කරන්න නායක හාමුදුරුවනේ.
වස්කාලය තුළ ගමේ විහාරස්ථානයේ තිබුණු දැවැන්ත අධ්‍යාපනික පරිසරය අපේ සිත පැවිදි
වීමේ පැත්තට නැඹුරු කළා. වෙනත් විහාරස්ථානවල දැන උගත් බහුශ්‍රැත පඬිවරු ගමේ
විහාරස්ථානයට වැඩම කරමින්, වස් තුන් මාසය පුරා දිනපතාම සවසට පින්කම් පැවැත්වීමේ
සිරිතක් තිබුණා. ඔය කියන 50 දශකය කාලයේ සරල ගැමි සමාජ පරිසරය තුළ තිබුණ ගැඹුරු බව
නිසාම අපට ලැබුණු මහා විශාල දැනුම් සම්භාරය අපේ අධ්‍යාපනයටත් බලපෑවා. ඒ පින්කම්
කාලය තුළ අපේ ගම්වල ස්වාමින් වහන්සේලා දාන සඳහා ගෙවල්වලට වැඩම කරනවා. කුඹුරුයාය
පිරුණු පරිසරය මැදින් එක පෙළට දනට වඩින ස්වාමින් වහන්සේලාගේ දර්ශනය පුංචි දරුවන්ගේ
සිත් තුළට අමුතුම හැඟීමක් ඇතිකරනවා. මහණ වෙලා අපටත් මෙහෙම යන්න ඇත්නම් කියලා
හිතෙනවා. ඒ හැඟීම තුළ තමයි මහණ වීමේ මුල් බීජය මගේ සිතේ රෝපණය වුණේ.
පසුව ගමේ විහාරස්ථානයේ වැඩ සිටි වියත් පඬිවරුන්ගේ දැන හැඳුනුම්කම් මත මාස ගණනක්
බොහොම සාරගර්භ පන්සල් අධ්‍යාපනයකට යොමු වෙලා 1954 වර්ෂයේ දී නොවැම්බර් මස 26 වැනි
දා කෝන්ගස්දෙනියේ ආනන්ද යන උතුම් ශාසනික නාමයෙන් පැවිදිබිමට ඇතුළත් වුණා.
කැලණිය විද්‍යාලංකාර පරිවේණාධිපති, එම විශ්වවිද්‍යාලයේ ම පළමු උපකුලපති ධුරය හෙබ වූ
ලංකාවේ අතිවිශිෂ්ට පඬිරුවනක් වුණ කිරිවත්තුඩුවේ ප්‍රඥ්ඥාසාර මහා නායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හංවැල්ල ගිරිදර කපුගොඩ පුරාණ විහාරයේ දී
පැවිදි පුණ්‍යෙීත්සවය සිදු වුණා. ඒ වගේම ගිරිදර පුරාණ විහාරාධිපති, ලුණුගම
ගුණානන්ද, කපුගොඩ ඤාණානන්ද යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආචාර්යවරුන් හැටියට
කටයුතු කළ බවත්, සිහිපත් කළ යුතුයි. තිහාරියේ වාරණ මංගලගිරි පිරිවෙන, කෑගල්ල නාපේ
ශ්‍රී සීලානන්ද පිරිවෙන, හොරණ විද්‍යාරතන පිරිවෙන ආදී දීප්තිමත් පරිවේණාස්ථානවල වැඩ
සිටි ඇස්වත්තේ ධම්මතිලක කොටියාපිටියේ සුමන නාහිමි යන අග්‍රගණ්‍ය ශාසනමාමක
යතීන්ද්‍රයන් වහන්සේ සෙවණේ පිරිපුන් අධ්‍යාපනයක් ලැබීමත් භාග්‍යයක් කොට සලකන්න
පුළුවන්. ඒ වගේම හොරණ වජිරඤාණ නාහිමි, හොරණ පඤ්ඤාසේකර නාහිමි වැනි භාෂා සාහිත්‍ය
සාර්ව භෞම පඬිවරුන් යටතේ ලැබූ අධ්‍යාපනයත්, ශික්ෂණයත් පැවිදි ජීවිතයට ආසා හිතෙන
අධ්‍යාපන රටාවත් නිසා වෙනත් පැතිවලට යොමුවීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ.
1962 වර්ෂයේ දී උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එවකට
විශිෂ්ට පඬිවරුන් වැඩ සිටි විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත්වීමේ මහා
සම්භාවනීය අවස්ථාව සියැසින් දැකබලා ගැනීමට ලැබීමත් ජීවිතේ විශිෂ්ට අවස්ථාවක් ලෙස
සැලකිය හැකියි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ කාලයේ දී යක්කඩුවේ ශ්‍රී ප්‍රඤ්ඤාසාර
නාහිමියන් දෙවැනි උපකුලපතින් වහන්සේ බවට පත් වුණා.
පළමු උපකුලපතින් වහන්සේ යටතේ පැවිදි වෙලා, දෙවැනි උපකුලපතින් වහන්සේ යටතේ අධ්‍යාපනය
ලැබුවා.
1966 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් සාමාන්‍ය උපාධිය ලබා ගත්තා.
“හේ සිද්ධාර්ථ නම් වෙයි.” යන කෘතියට 1978 වර්ෂයේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්
පිදුම් ලැබූ ඔබ වහන්සේ එදා මෙදා තුර සිදු කළ ශාස්ත්‍රීය සේවය මෙන්ම ජාතික ආගමික
ශාසනික කාර්යභාරය පිළිබඳ පටුනක් සපයන්න අපේ හාමුදුරුවනේ
ලංකාවේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ මුල්වරට ශාස්ත්‍රපති උපාධි පරීක්ෂණ නිබන්ධනයක් 1976
වර්ෂයේ දීි පිළිගැනීමට ලක් වුණා. ඒ නිර්මාණ කිරීමේ වාසනාව මතුවුණේ ශ්‍රී ලංකා විශ්ව
විද්‍යාලයේ විද්‍යෝදය මණ්ඩපයේ සිංහල අංශය නිසයි. මහාචාර්ය විමල් බලගල්ලේ, මහාචාර්ය
ඒ.වී. සුරවීර, මහාචාර්ය තිස්ස කාරියවසම්, මහාචාර්ය ටී.බී. කන්ගහආරච්චි , මහාචාර්ය
නන්දසේන රත්නපාල, මහාචාර්ය ගතාරේ ධම්මපාල හිමියන් පුරෝගාමී වුණා. භික්ෂු ජීවිතය
රමණීය ලෙසත්, හෘදයංගම ලෙසත් විවරණය කළ ප්‍රථම නවකතාවක්.
1966 වර්ෂයේ දී සාමාන්‍ය උපාධිය ලබා ගැනීමත් සමඟ පැපිලියාන සුනේත්‍රාමහාදේවි පැරැණි
පිරිවෙනේ ආරම්භක ආචාර්යවරුන් බවට පත් වෙලා 1984 මුල් පරිච්ඡේදය දක්වා අධ්‍යාපන
කටයුතුවල නිරතවුණා. ආචාර්ය, නියෝජ්‍ය පරිවේණාධිපති, වැඩබලන පරිවේණාධිපති ආදි වශයෙන්
සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා සුපේශල ශික්ෂාකාමි භික්ෂු පරපුරක් දායාද කිරීමට
කටයුතු කළා. පසුකාලීනව දශක 3,4 සිට ලෝක ආගමික සේවය කෙරෙහි කටයුතු ආරම්භ කළා. එම
බුදුදහම ජාත්‍යන්තර ලෝකයට දායාද කිරීමේ උදාර අරමුණ තවදුරටත් ඉදිරියට සිදු කරගෙන
යනවා.
ඒ වගේම මගේ ප්‍රථම නවකතාව නිර්මාණය වුණේ 1959 දී ලියූ හොල්මන් කතාවක්. එය ලියවුණේ
බණ්ඩාරනායක හිටපු අගමැතිතුමාගේ “මහහේනේ රීරියකා” කතාවේ ආභාසය ලැබීමෙන් දැයි සැකයක්
මට හැඟුණා.
බුදුදහම පිළිබඳ ප්‍රාමාණික දැනුම් සම්භාරයකින් හෙබි දෙස් විදෙස් කීර්තිධර ඔබ වහන්සේ
නූතන ලාංකේය සමාජයේ බිඳවැටීම් පිළිබඳ දරන මතය පැහැදිලි කරමින් අපේ සාකච්ඡාව අවසන්
කරමු නායක හාමුදුරුවනේ,
ධර්මයෙන් තොර වන විට සමාජය අධාර්මික වෙනවා. බුද්ධ කාලයේත් දුර්වලකම් තිබුණා.
අනගාරික ධර්මපාලතුමාගේ දේශනා සමාජගත කළ කරුණු නූතන සමාජ පරම්පරාවට නැවත සිහිපත් කළ
යුතුයි.
- හේමමාලා රන්දුනු |