Print this Article


සසර දුක් ගිනි නිවන්නට

සසර දුක් ගිනි නිවන්නට

පුංචි පුතු මගෙ මැණික
දඟකර දුවලා හැංගෙන
නිවසෙ සැවොමත්
හිනා ගස්සන
ගුටි නොකන මගේ
සුරතල් පුංචි පුතු
නිවසෙ මිණි පහන
සසරෙ සැම දිනම
හරිම හරි වෙනස් දැන්
පෙනෙන්නට නෑනේ දඟ සිත
හැංගිලා දෝ තැනක
ගත පුරාවට
සංවරය දෝරෙ ගලන
ඉර බහින සැන්දෑවේ
වතු සුද්ද මල් වට්ටියක්
පුංචි දෝතින් දරා
තෙරුවනට පුද දෙන
පුංචි පුතු මගෙ මැණික
ඇසුණා ද මගෙ පුතුට
සිත නිවන බුදු බණ
ගෙවුණු පොහෝ දිනවල
ඊයේ සවස අප්පච්චිට
පැවසුවා ද රහසින
කසාවතක් බබළන මඟ සිතුණා ද මල් සිතට
බුදු සමිඳු දෙසුව මේ
උතුම් සම්බුදු සසුනෙ
සසර දුක් ගිනි නිවාලන්නට
ලොවට දම් දෙසන්නට
පුංචි පොඩි සාධු වී......