ලෝ දහම
මගේ කියා මා ගෙන ආ දෙයක් නැත
මගේ කියා ගෙන යන්නට දෙයක් නැත
මගේ කියා කිසිවෙක් මේ ලොවේ නැත
මගේ කියා මටවත් මා අයිති නැත
ඇතිවන හැම දෙය ම මිහිපිට නැති වෙනවා
හමුවන හැම අයම යළි වෙන්වී යනවා
හිමිවන හැම දෙය ම දිනක දි ගිලිහෙනවා
අටලෝ දහම මේ බව නිති පැවසෙනවා
පෑරුණු හදට වදනින් හෝ සැනසීම
එය වේ ලොව උතුම් මනුදම් සුරැකීම
ලෝ අම්බලමේ ටික දිනකයි නැවතීම
ඔබෙ යහගුණ පමණි මෙ සසර සැනසීම

ආචාර්ය
රත්නපාල වික්රමසිංහ |