Print this Article


වඳ පද්මයක් වනු මැන

සුවඳ පද්මයක් වනු මැන හිමි සඳ

රන්වැලියෙ සෑ මළුව
සඳපානෙ පියනැඟුව
උදුළ රන් කසාවත
පුබුදුවයි සදැහැ සිත

පල්ලේගම හිමිසඳුන්
පා පියුම් මම වඳිමි

දනන් හෙළන සුසුමන් හද පුරවා
අතට රැගෙන පන්හිඳ ගී ලියනා
තවත් සියක්වස් ආයු ලැබ ගෙනා
සුවඳ පද්මයක් වනු මැන හිමි සඳ

පල්ලේගම හිමිසඳුන්
පා පියුම් මම වඳිම්

අනතිමාන ගුණයෙන් වූ පූජිත
නිබඳ මුවෙහි හසරැල්ලෙන් ලංකෘත
සසුනඹරේ පුන්සඳ සේ විකසිත
සමිඳ ඔබට පුදනෙමි හද බැති මල්

පල්ලේගම හිමිසඳුන්
පා පියුම් මම වඳිම්

අටමස්ථානාධිපති ධුරයට අභිනවයෙන් පත්වූ අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේට උපහාර පිණිස ය

ආචාර්ය
රත්නපාල වික්‍රමසිංහ