Print this Article


කඨින පින්කම්

මුදලින්දාරාමය

වාද්දුව දකුණු තල්පිටිය මුදලින්දාරාම මහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන කඨින පූජා මහා පින්කම මෙම මස 22 වැනි දින පැවැත්වේ. එදින පෙරවරු 3.30 කඨින වස්ත්‍රය රැගත් පෙරහර පිටත්වී වීථි සංචාරය කර පෙරවරු. 5.30 විහාරස්ථානයට ළඟාවීමට නියමිත ය. මෙදින දවස පුරා කඨින පූජා පින්කම් පැවැත්වේ.

වාද්දූව සංචාරක

මාවිත්තර සිරි තිසරණ ධර්මායතනය

විහාරාධිපති ඇඹිලිපිටියේ රතනජෝති හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ කඨින පින්කම සහ ඊට සමගාමීව ගැටමාන්නේ හේමාලෝක නා හිමියන්ගේ හයවන වර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම් මාලාව ද පැවැත්වේ.

මේ මස 27, 28, 29 සවස 07.00 ධර්ම දේශනා මාලාව දියතලාවේ පියදස්සි හිමි, ගොම්බද්දල දමිත හිමි, මස්සැන්නේ විජිත හිමිවරුන් විසින් පවත්වනු ලැබේ. 30 වැනි දා රාත්‍රී 6.30 බෝධි පූජාව පුලිකණ්ඩිකුලමේ රතනසිරි හිමියන් විසිනි. එදින රාත්‍රී 8.00 පිරිත් දේශනය ආරම්භ වන අතර 31 වැනි දා අලුයම 5.30 ට කඨින චීවරය විහාරස්ථානයට වැඩම කෙරේ. කඨිනානිසංස ධර්ම දේශනය දර්ශනපති පුස්සැල්ලායායේ චන්දිම හිමියන් විසින් පැවැත්වීමට නියමිත ය.

සංකල්ප විහාරය

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේ කඨින පින්කමට සමගාමීව පැවැත්වෙන වස්සාන ධර්ම දේශනා මේ මස 21 සිට නොවැම්බර් 03 වන දින දක්වා දිනපතා රාත්‍රී 7.00 ට පැවැත්වේ. සියඹලාගොඩ ධම්මින්ද හිමි, මැදගොඩ අභයතිස්ස හිමි, කැලණියේ අජිත හිමි, ගබ්බෙල වජිර හිමි, බොරැල්ලේ කෝවිද හිමි, අගලකඩ සිරිසුමන හිමි, හසලක සීලවිමල හිමි, හිඟුරේ පඤ්ඤාසේකර හිමි, මාවතගම පේමානන්ද හිමි, මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, පදලංගල ධම්මදේව හිමි, ඇත්කඳුරේ සුමනසාර හිමි, මහඔය අනුරුද්ධ හිමි, මස්සැන්නේ විජිත හිමි යන හිමිවරුන්ගේ ධර්ම දේශනා ඇතුළත් වේ. නොවැම්බර් 04 වන දින කඨින චීවර පෙරහර සවස 2.00 ට වීථි සංචාරය ආරම්භ කරන අතර, නොවැම්බර් 5 උදෑසන කඨින චීවර පූජාව, දහවල 50 නමක් විෂයයෙහි සපිරිකර මහා දානමය පූජාවත් පැවැත්වේ. උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පින්කම් මාලාව පැවැත්වේ.