දුටුගැමුණු මහ රජතුමා 84 කොටස:
යුද්ධය නතර කර සාමයට පිවිසෙන්න
මහවැලි ගඟ දකුණු තීරයේ සටන් කිරීමට යොදවා තිබෙන්නේ එම තොටමුණුවල කඳවුරු ආරක්ෂාවට
යොදා තිබූ සේනාංක වීම ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක්.
මහ රජතුමනි, ඔබතුමා යෝජනා කළ රහස් දූත මෙහෙයෙහි සේවයට මගේ පියාණන් අදම යාවි. නමුත්
කපුටුලු නුවරින් හා කැලණියෙන් සේනාංක දෙකක් රුහුණූ සේනාවට එකතු වීමට මහියංගණයෙන් ආ
බව මටම දැන් දැනගන්නට ලැබුණා.”
සියලු දෙනාම සිරිනාග දෙස බලා සිටියේ පුදුමයෙනි. දීඝාභය ඔහුට කන් දෙමින් විපිලිසරව
සිටියේ ය. දීඝජන්තු සහ මහ ඇමැති බලා සිටියේ එළාර රජුගේ මුහුණේ බය සංකා පිළිබිඹුවන
ආකරය දෙසයි.
සභාවේ දැඩි නිශ්ශබ්දතාවක් පැවතිණි. රජතුමා බැරෑරුම් කල්පනාවක නිමග්නව සිටියේ ය.
සිහින් හඬින් කතා කළේ ය.
“සිරිනාග අපට කියන්නේ සතුරා වඩාත් බලවත් බවයි. සංවිධාන ශක්තියෙන් අනූන බවයි.
උපායශීලි බවයි. ඔහු අපට කියන්නේ අප බුද්ධිමත් නොවුණහොත,් උපායශීලි නොවුණහොත්
විනාශයට පත්වන බවයි. මේ තත්ත්වය අනාවරණය කිරීම ගැන අප සිරිනාගට ස්තුතිවන්ත විය
යුතුයි. හැම කෙනකුටම මේ අනතුරුදායක තත්ත්වයෙන් මිදීමට යෝජනා ඉදිරිපත් කරන්න
පුළුවන්. ඒ සඳහා නැවත සතියකින් යුද්ධ මණ්ඩලය රැස් වෙනවා.”
යුද්ධ මණ්ඩලයේ සැවොම විසිර ගියේ සිරිනාගට ප්‍රසාදය පළ කරමිනි. එහෙත් දීඝාභය,
උපතිස්ස සෙනෙවිවරුන් වෙත එබඳු ප්‍රසාද හැඟීමක් නොවීය. සභාවේ සිටි සියලු දෙනා තුළම
ප්‍රමාණවත් භයක් ඇති කිරීමට හැකිවීම ගැන සිරිනාග සතුටට පත්විය. වහාම මහාසිව
මාහිමිපාණන් වහන්සේ වෙත දන්වා යැවිය යුතු කරුණු කිහිපයක් ඔහු සිතට නඟාගත්තේ ය.
පසුදා සන්ධ්‍යාවෙහි සිරිමහ බෝ මලුවට ගොස් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමේ
අදහසින් සූදානම් වන සිරිනාගට, සමන්තී මෑණියන් පැමිණ කීවේ අදහාගත නොහැකි කරුණකි.
“පුතා හමුවීමට දීඝාභය මහ සෙනෙවි පැමිණ සිටිනවා. මම බීමට යමක් සූදානම් කරගෙන එන්නම්.
ඔහුත් සමඟ භෝජනාගාරයට පැමිණෙන්න.”
සිරිනාගට ඇතිවූයේ කුතුහලයකි. විජිතපුර බලකොටුවේ ප්‍රශ්නයක් ද? මා දන්නා තොරතුරු
හෙළි කිරීමෙන් ඔහුට හානියක් සිදුවි තිබේද? සිතමින් වහා ආලින්දයට ගියේ ය.
“එන්න මහසෙනෙවිතුමා ඇතුළට”
“අපි ඔසු පැන් පානය කර කතාව පටන් ගනිමු.” ඔහු දීඝාභය සමඟ භෝජනාගාරයට ගියේ ය. මම
බෙලිමල් පානයට කැමතියි කී දීඝාභය බෙලිමල් බඳුන ළං කර ගත්තේ ය.
ඔසු පැන් පානයෙන් පසු සිරිනාගත් දීඝාභයත් විචිත්‍රාගාරයට ඇතුළු වූහ. කිසියම් රහසිගත
කතාවකට සූදානම් වන බව සිරිනාගට හැඟිණි.
“සිරිනාගගේ පියා බෝධිනාග රහස් දූත මෙහෙවරට පිටත් වුණේ අද උදේ. හවස් වන විට ඔහුගෙන්
රහස් ලිපියක් මට ලැබී තිබෙනවා. මෙය විය හැකි දෙයක් ද?”
“මහ සෙනෙවිතුමනි, මගේ ඉල්ලීම මත පියාණන් පිටත් වුණේ ඊයේ හවස රාත්‍රිය මහියංගනයේ ගත
කර අද උදේ සේරුවිල බලා යන්නට ඇති. ඔය රහස් ලිපියේ ඇත්තේ මහියංගනයේ තොරතුරු”
“නැහැ, මෙහි කියන්නේ වෙනත් කරුණක් ගැනයි. මෙය මා වෙත එවුයේ ඇයි.?”
පණිවුඩය කුමක්ද? මෙය මට නොඑවා දීඝාභය සෙනෙවිතුමාට එවුයේ ඇයි.
දීඝාභය තල්පත සිරිනාගට දුන්නේ ය.
මම සේරු රාජධානියට එන්නටත් කලින් මා එන බව කැලණියට දන්වලා. මේ ඔත්තුකාරයා ගැන සොයා
බලන්න.
“පුදුමයි. පියාණන් වැඩි ආරක්ෂාවට ඔබට එව්වා විය හැකියි. ඒත් විජිතපුර බලකොටුවට
එවන්නේ නැතිව සම්මන්ත්‍රණ ශාලාවට එවන්නට තිබුණා.”
“සිරිනාග හමුවන්ට මා මේ හදිසියේම පැමිණියේ මේ රහස් තල්පත රජතුමාට දිය යුතුද? යන
ගැටලුව විසඳා ගන්නටයි.”
“ඔබේ කැමැත්තක්”
“ඒත් සිරිනාග, මේ රහස් තල්පත මගේ අතට ලැබෙන විට එහි අස්කඩා තිබුණා.”
කවුරුන් විසින් හෝ ලිපිය කියවා සමිකඩෙහි ඔතා එවා තිබුණේ.
“හී පොළෙන් මේ ගැන විමසුවාද?”
“නැහැ, මේ දිනවල තුණ්ඩිලත්, මමත්, දීඝජන්තුත් උපතිස්ස ගැන විමසිල්ලෙන් ඉන්නවා.
සිරිනාග ගැන ඔත්තු කීම ගැන වඩාත් සැක කරන්නේ අපි.”
“දීඝජන්තු අමුතුම පුද්ගලයෙක්. ඔහුට සෑම සිංහලයෙක් ම අවිශ්වාසයි. ඔහු සමහර විට මා
ගැනත් සැක කරනවා.”
“සිරිනාග මේ තල්පත තියාගන්න. සුදුසු යැයි හැඟේ නම් රජතුමාට ඉදිරිපත් කරන්න.”
“එහමනම් අපි දැන් රජතුමා හමුවන්නට යමු. කලින් අවසරයක් නොගැනීම බාධාවක් වන එකක්
නැහැ.”
“සිරිනාග ඔබ සූදානම් වූයේ වැදගත් ගමනක් යාමට නේද? මා නිසා, ඒ ගමන නතර කරන්න එපා.”
“සිරිත් පරිදි ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමට යාමටයි සූදානම් වුණේ.”
“හොඳයි, එහෙනම් අපි ශ්‍රී මහා බෝමලුවට යමු. එතැනින් රජමාළිගයට.”
දෙදෙනාම සමන්තී මාතාවට වැඳ පිටත් වූහ.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා බෝමලුවෙන් පිටතට පැමිණෙන විටම සිරිනාගට ඇසුණේ
පුණ්ණාගේ කටහඬයි.
“සිරිනාග, මොහොතක් නතර වෙන්න.”
හඬ ආ දෙසට නෙත් යොමු කළ දීඝාභය දුටුවේ රජකුමරිය, දන්තී හා පුණ්ණා ය.
“හැකි ඉක්මණින් රජතුමා හමුවන්නට ඕනෑ. ඒත් දැන්ම යන්නට බැරිවේවි. ටික වේලාවකට කලින්
තුණ්ඩිලත්, දීඝජන්තුත් පිය රජතුමා හමුවන්නට ආවා.”
දීඝාභය සිරිනාග දෙස බැලුවේ මේ ආ ගමන වැදගත් යන හැඟීමෙනි.
“ඔබ සිංහලයකු වශයෙන් ඔබේ රටටත්, ජාතියටත්, සිංහල රජුටත්, ද්‍රෝහී වෙමින්, අපට කරන
සේවය ගැළපෙන්නේ නැහැ නේද? දීඝාභය සිරිනාග දෙස බැලුවේ ලජ්ජාවෙන් මෙනි.
“කුමරිය අද ඔබේ වචන ඉතා රළුයි. ඔබේ මිහිරි කටහඬට ඒ කටුක අදහස් ගැළපෙන්නේ නැහැ ඔබ
කියන්නේ ඔබේ පිය රජතුමාට විරුද්ධව කටයුතු කරන්නට කියලා ද?”
“නැහැ මම කියන්නේ මගේ පිය රජතුමා ආරක්ෂා කර ගන්නටයි. මේ යුද්ධයෙන් අපට ජය ගන්නට
බැහැ. ඒ නිසා වහාම කළ යුත්තේ යුද්ධය නතර කර සාමයට එළඹීමයි.”
“මට ඔබ තේරුම් ගන්න බැහැ කුමරිය. සිරිනාග වගේම ඔබත් මට ප්‍රහේළිකාවක්.”
“අවුල් වූ සිත් ඇති පුද්ගලයන්ට පැහැදිලිව ඇත්ත දකින පුද්ගලයන් ප්‍රහේළිකාවක්.”
“සිරිනාග කුමරිය දකින ඇත්ත අපට දකින්නට බැහැ. අපට යාමට අවසර.”
“යන්න, හැබැයි දීඝජන්තු තුණ්ඩිල රජ මාලිගයෙන් පිටවනතුරු රජතුමා හමුවන්නට එපා.
දීඝාභය මහ සෙනෙවිතුමනි, ඔබ අතේ තිබෙන තල්පත ඔබට රහසක් වුවත් එය අපට නම් රහසක් නොවේ.
ඔබත්, උපතිස්සත් කාට හෝ ඔත්තු සපයන බව දීඝජන්තු සෙනෙවිතුමා දැන් පිය රජතුමාට
තහවුුරු කර අවසානයි. එය වෙනස් කරන්නට සිරිනාගට බොහෝ තර්ක කරන්නට සිදුවේවි.
ඉතිරි කොටස අන්තර්ජාල කලාපයේ පළවේ
- අයන්ති විතාන |