Print this Article


දරුවනේ මේ ලොවම ඔබට නිමැවුණ තැනක්

දරුවනේ මේ ලොවම ඔබට නිමැවුණ තැනක්

ආදරේ වපුරන්න
ඉතා හොඳ පින් බිමක්
ගුණ සුවඳ පතුරන්න
මහ විසල් ඉඩකඩක්
සෙනෙහෙ පල නෙළන්නට
නිකැළැල් වූ කෙම්බිමක්
පැටවුනේ මේ ලොවම
ඔබට නිමැවුණු තැනක්

දරුවන්ගෙ සිනාව ම
හුස්ම වූ අම්මලා
දරුවන්ට පණ දෙන්න
වෙහෙසලන අප්පලා
සෙනෙහසින් ශිල්ප දෙන
අදරබර ගුරුන්ලා
ඒ ඇතිය දිවියට ම
නුඹ දිනුම් හිතල්ලා

සිහින මහ ගොඩක් දැක
එළි කරනු අටියනේ
දුටු සිහින සැබෑ
කරලන්න වැඩ කරමිනේ
සිහිනයේ එළිපතට
නුඹ දිනෙක එන දිනේ
දෙගුරන්ගෙ අත් රැගෙන
සිනාසෙන් හැම දිනේ

වෙන පැතුම් ගොඩක් නෑ
මේ ලොව ළමා දිනේ
හැමදාම හැමදේම
දිනාපන් පැටවුනේ

ඔක්. 01 වැනි දිනට යෙදුණු ලෝක ළමා දිනය වෙනුවෙනි.