Print this Article


අතරමං වී

අතරමං වී

එන දා එනවා
තනිවම එනවා
හිස් අතකින් එනවා
යන දා යනවා
තනිවම යනවා
හිස් අතකින් යනවා
එන යන ගමනේ
පින් පව් මඟ හිඳිනා
තනිකම සිත දවනා........

සුවඳ මලක් වී
මව් තුරුලේ
පුංචි පැළය වී
පිය සෙවණේ
සිනාසී හඬනා
නැණ ගුණ වඩනා
නිසි මඟ සොයනා
ගමනක යන මිනිසා......

තණ්හා ආශා
සිත තුළ බැඳෙනා
මෝහෙන් මුළා වෙලා
ලෝභකමින් මත් වී
අඳුරු මන්දිරේ
සිත තනි වීලා
අතරමං වෙලා මිනිසා
සසරේ
සසරේ තවමත්
අතරමං වෙලා මිනිසා....