Print this Article


අසරණ මවක් බුදුසරණ පුවත්පතට යොමු කළ ලිපියකිනි

අසරණ මවක් බුදුසරණ පුවත්පතට යොමු කළ ලිපියකිනි

අගලවත්තේ ස්වර්ණගමේ පදිංචි නිලානි පතිරාජ නමැත්තිය බුදුසරණට යොමු කර ඇති ලිපියකිනි මේ.

ඇයට දරුවන් දෙදෙනෙක් සිටින බව කියයි. පොඩිපුතා අගලවත්ත දාපිළිගොඩ විද්‍යාලයට 3 වසර තෙක් පාසල් ගිය බවද ඒ අතරේ උණ වැඩි වී ස්නායු දුර්වලවීමෙන් දරුවා ආබාධිත තත්ත්වයට පත් වූ බව ද කියයි.

"අවුරුදු 4 1/2 ක් දරුවාට බටයෙන් සුප් ටික, පිටි වතුර ටික විතරයි දුන්නේ. කිසිම ක්‍රියාකාරකමක් නැතිව සිටියේ. දැනට මාස 5 කට කලින් දරුවගේ බට අයින් කර කටින් කවනවා. පොවනවා. දරුවා බොරැල්ලේ ළමා රෝහලට මාස් පතා රැගෙන යනවා.” යැයි ඇය පවසයි.

ඇය ජීවත් වෙන්නේ, දරුවට මාසයකට ලැබෙන ආබාධිත ආධාර මුදල වන රුපියල් 3000 හා සමෘද්ධි ආධාර රු. 2000/- න්, තේ දළු ටිකෙන් ලැබෙන සුළු මුදලෙන් බව කියයි. දරුවාට කැප වී සිටීම නිසා මවට ද රැකියාවක් කර ගැනීමට අපහසු බව කියයි. පියා ඔවුන් අතහැර ගොස් සිටින බව කියයි.

මේ දරුවා ලොකු මහත්වෙන්නේ ද ඇඳමත බවත් මොනවා හරි දෙයක් කර මේ දරුවා පුටුවක වාඩි වී සිටීමේ තත්ත්වයට හෝ ගෙන ඒම ඒ මවගේ උත්සාහය බව පවසයි.

පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමු කරන මෙන් ඇය කාරුණිකව ඉල්ලා සිටියි. ලිපිනය නිලානි පතිරාජ, ස්වර්ණගම බේරගම, අගලවත්ත 0771714725 දුරකතනයෙන් වැඩි විස්තර විමසිය හැකි බව කියයි. ලංකා බැංකුව අගලවත්ත, ගිණුම් අංකය 343952 ආධාර කළ හැකි බව ද කියයි.