
සංස්කරණය - නයනා නිල්මිණි
බිනර පෝය

මේ දිනවල සෑම විහාරස්ථානයක ම “අයං වස්සාන කාලෝ” යන වැකිය ලියැවී ඇත. “මේ වස්සාන
කාලයයි” යනු එහි තේරුමයි.
වස් කාලයේ යෙදෙන වැදගත් පෝයක් ලෙස ශාසන ඉතිහාසයේ බිනර පෝය ලියැවී ඇත. බුද්ධ ශාසනය
රඳා පවතින්නේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවු පිරිස නිස යි. බුද්ධ ශාසනය
තුළ භික්ෂුණී ශාසනය බිහි වූයේ ද අද වන් දිනෙක ය. මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු
පන්සියයක් කාන්තාවන්ට පැවිද්ද හා උපසම්පදාව ලබා දීම, ඒ සඳහා ගරු ධර්ම අටක් පැනවීම
මෙම බිනර පෝය හා බැඳේ.
බෝගමුවේ නන්දසාර හිමි
02 ශ්‍රේණිය
ශ්‍රී සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරය පොතුහැර
මොන සෙල්ලම් කළත් ...
අඳුරට පහන බඳු ඒ බුදු රැස් වීදු
බුදු බණවලින් මුළු ලොවට ම සෙත සෑදූ
තෙරුවන් බලෙන් අප වෙත සුව සෙත සෑදූ
මට අවසරයි නමදින්නට බුදු සමිඳු
පෙර පින් බලෙන් අප මිනිසත් බව ලැබුවේ
සිහිපත් කළ යුතු ය ඉඳගෙන බෝ මලුවේ
මොන සෙල්ලම් කළත් අප මිනිසුන් හමුවේ
මරණය උරුම වේ අප සැම වෙත පොදුවේ
ලෙඩ දුක් තැවුල් ඒ සැම අප වෙත උරුමයි
දම් බණ භාවනා යන ගුණ සිත් දනවයි
තෙරුවන් ගුණ බලෙන් අප ජීවිත පුබුදයි
මේ කවි අහපු සැම වෙත සම්බුදු සරණයි
පී.ජී. සිතාරා සුබෝධනි
08 ශ්‍රේණිය
ඇන්.ඇම්. පෙරේරා මධ්‍ය මහා විද්‍යාලය, යටියන්තොට
ඉගෙනීමේ අගය
ඉගෙනීම යනු පාසලේ දී පොතපතින් ඉගෙන ගන්නා විෂයය ධාරාව පමණක් නොවේ. මෙලොව උපත ලබන්නා
වූ සෑම කෙනකුට ම බොහෝ දේ ඉගෙන ගැනීමට සිදු වේ.
උපන්දා සිට මරණය දක්වා ම මිනිසා ඉගෙන ගනියි. ලෝකය දිනෙන් දින වෙනස් වෙයි. ඒ අනුව
අපේ ජීවන රටාව ද වෙනස් විය යුතු වේ. ලෝකයේ සිදුවන වෙනස්කම් අපට ජනමාධ්‍යයන්ගෙන් ද,
පොතපතින් ද ඉගෙන ගත හැකි ය.
සත්පුරුෂයින්ගේ ආශ්‍රයෙන්, අවවාදයෙන් හා ආදර්ශයෙන් ද අපට බොහෝ දේ ඉගෙන ගත හැකි අතර,
එමඟින් අපට සමාජයේ වැඩදායී පුද්ගලයකු විය හැකි ය.
මිනිසාට නොයෙකුත් සහජ දක්ෂතා ඇත. ඒවා හැඩගස්වා ගැනීමටත්, ඔපවත් කර ගැනීමටත්
අධ්‍යාපනය අවශ්‍ය වේ. සමාජයට හොඳ පුරවැසියකු වීමට පූර්ණ අධ්‍යාපනය අවශ්‍ය වනවා සේ ම
සමාජයට බරක් නොවි සමාජ මෙහෙවරට උරදිය හැක්කේ බුද්ධිමතකුට පමණි.
සමාජයේ ජීවත්වීමට අවශ්‍ය විවිධ ගැටලුවලට මුහුණ දීමේ ශක්තිය අප තුළ තිබිය යුතු අතර,
ඒ සඳහා උපකාර වන්නේ අධ්‍යාපනය හා අත්දැකීම් ය. මිනිසා අත්දැකීම් තුළින් ද යමක් ඉගෙන
ගනියි.
එස්.ඉමල්කා සමාධි
7 ශ්‍රේණිය
සුවිශුද්ධාරාම දහම් පාසල
වැල්ලවත්ත
හොඳ පුරුදු

ආච්චි සහ සීයා යනු අපගේ අම්මාගේ වගේම තාත්තාගේත් මවුපියන්ය. ඒ අය දැන් වයෝවෘද්ධයි.
නිතරම අසනීපයෙන් පසුවෙයි. අපි නිතරම ඔවුන් ආදරයෙන් රැක බලා ගනිමු. ඔවුන්ට ආදරය
කරමු. නිතරම ආච්චිට සහ සීයාට අපි ආදරයෙන් සලකමු. අම්මාට සහ තාත්තාට සේ සීයාටත්,
ආච්චිටත් ගෞරවය කිරීමට අපි නිතරම පුරුදු වෙමු.
කවිශ්කා සිතුමිණි ඩයස්
06 ශ්‍රේණිය
සුවිසුද්දාරාම දහම් පාසල, වැල්ලවත්ත
මල්

ලස්සන මල් පිපෙනවා
ඒවා නෙළා ගන්නවා
බුදු පාමුල පුදනවා
සාධු සාධු කියනවා
සෙනුලි ලෙසන්සා කුරුප්පු
2 වසර
බෝසත් දහම් පාසල, උඩහමුල්ල
වෛරය පාපයකි
අප කිසිවකුටත් වෛර කරන්න හොඳ නෑ. හැමදෙනාට ම මෛත්‍රිය කරන්න ඕනෑ වෛරය හිතට ඇතුළු
වුණා ම අපි අසනීප වෙන්නත් පුළුවන්.
වෛරය කියන්නේ නරක දෙයක්. මේ භවයේ දී විතරක් නොවෙයි, භවයෙන් භවයට ගමන් කරන දෙයක්.
දේවදත්ත හාමුදුරුවන් ගැන ඔබ අසා ඇති. රන් තලියක් නිසා ඇති කර ගත් වෛරය ආත්ම කීයක්
නම් ආවාද? වෛර කරමින් කටයුතු කළ නිසා, අවසානයේ දී දේවදත්ත හිමිට අපායට යන්න සිදු
වුණා. මෛත්‍රී කිරීමෙන් පමණයි වෛරය නැති කරන්න පුළුවන්. මෛත්‍රී කරන අයට හැම දෙනාම
කැමැතියි. හැම දෙනාම වෛර නොකර සියලු සත්ත්වයන්ට මෛත්‍රී කරන්න පුරුදුවන්න.
විරාගධම්ම හිමි,
1 ශ්‍රේණිය
ශ්‍රී ගැමුණු විහාරය, හඳපානාගල |